යාපනය කොටුවට හමුදාවට ඇතුළුවීම තහනම්.. විග්නේෂ්වරන්-විජයකලා තීන්දු කරයි..

July 28, 2018 at 11:20 am | lanka C news
යාපනය කොටුවට හමුදාවට ඇතුළුවීම තහනම්.. විග්නේෂ්වරන්-විජයකලා තීන්දු කරයි..

යාපනය කොටුව තුළට හමුදාව යැම තහනම් කිරීමට උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්ගේ හා හිටපු ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උතුරේ සම්බන්ධීකරණ රැස්‌වීමේදී තීරණය කර ඇත.

යාපනය දිසා මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති එම සම්බන්ධීකරණ රැස්‌වීමේදී ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන එම්. කේ. සිවාජිලිංගම් කරුණු දක්‌වමින් හමුදාව යාපනය කොටුවට පිවිසීමට උත්සාහ කිරීම ඔටුවා කූඩාරමට ඇතුළු වීමට දරන උත්සාහයක්‌ බවත් හමුදාවට යාපනය කොටුවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවත් පවසා තිබේ.

උතුරේ ප්‍රධාන ආරක්‍ෂක මර්මස්‌ථානය ලෙස යාපනය කොටුව හැඳින්වේ.

වසර ගණනකට පෙර කොටි හමුදාවට ප්‍රහාර එල්ල කළේ යාපනය කොටුවේ සිටය.

– Divaina

128 views