යාපනය කොටුවේ වසර 2700 කට පෙර තිබූ වෙළඳ පොළක් හා ජනාවාස…

August 6, 2018 at 6:48 pm | lanka C news
යාපනය කොටුවේ  වසර 2700 කට පෙර තිබූ වෙළඳ පොළක් හා ජනාවාස…

යාපනය කොටුව ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදු කරන ලද කැනීම් හා පරික්ෂණ වලදී සොය ගත් සාධක මත යාපනය කොටුව මීට වසර 2700 කට පෙරදී විශාල වෙළඳ පොලක්ව පැවති බවට විශ්වාශ කල හැකි බවට පුරාවිද්‍යාවේ විමර්ශන පිළිබඳ නිලධාරී ආචාර්ය එස්. පුෂ්පරත්නම් මහතා කියා සිටියේය.

යාපනය කොටුව පිළිබඳව ඊයේ (05) දින එහි පැවති දේශනයකට සහභාගී වෙමින් එස්.පුෂ්පරත්නම් මහතා ඒ බව කියා සිටියේය.

එහිදී ආචාර්ය වරයා වැඩි දුරටත් පවසා සිටියේ ,

‘මීට වසර 2700 කට පෙර යාපනය කොටුව ආශ්‍රිතව විශාල වෙළඳපොලක් පැවතියා සේම ජනාවාස පිහිටුවා ඇති බවටද සාධක මතුවී ඇති අතරම එම ජනාවසා දකුණු ඉන්දියාව සමග මුහුදු මාර්ගයන් ඔස්සේ  ඉතා කිට්ටු සබඳකම් පවතා ඇති බවටද ඉගි පලවී ඇති බවටයි.

ඊට අමතරව යාපනය කොටුව තුල විශාල සිර ගෙයක්ද තිබූ බවට සාක්ෂි ලැබී ඇති හෙයින් පෘතුගීසි සමයේදී එවැන්නක් සිදු කොට ඇති බවටද එහි සිදු කරන ලද කැනීම් වලදී පස්තට්ටු නවයක් හමුවූ බවටද අදාල පස් තට්ටු පිළිබඳවද පරික්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවටද ආචාර්ය එස්.පුෂ්පරත්නම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27 views