යාපනය ගුවන් තොටුපළ වෙනුවෙන් ඉන්දියාව සමග ගිවිසුමක්..

February 23, 2020 at 5:30 pm | lanka C news
යාපනය ගුවන් තොටුපළ වෙනුවෙන් ඉන්දියාව සමග ගිවිසුමක්..

යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සදහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

යාපනය පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට එකග වී තිබේ. මෙම මුදලින් සැහැල්ලු ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදන, අප ජල ප්‍රවාහන පද්ධතිය හා ඝණ අපද්‍රව්‍ය අපවහන පද්ධතිය සැකසීමට අපේක්ෂිතයි.

මේ වන විට යාපනය පළාලි ගුවන් තොටුපලේ තාවකාලික ගුවන් ගමන් පාලන කුළුණක් ඉදිකර තිබේ. ගුවන් ධාවන පථ ආලෝකකරණ පද්ධතිය ද සැකසීම සදහා මේ වන විට ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී. යාපනය පළාලි ගුවන් තොටුපළේ සකස් කර ඇති මගී පර්යන්ත පහසුකම් සීමිතය. මෙහි වාණිජ ගුවන් යානා හා ජාත්‍යන්තර මගීන් හැසිරවීමේ දී වැඩි පහසුකම් අවශ්‍ය වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පැවරෙන අතර ඉන්දියානු රජය විසින් ලබා දෙන රුපියල් මිලියන 300 ක ප්‍රදානය භාවිතා කිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට බලය පැවරේ.

යාපනය පළාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වේ. මේ නිසා මෙම සංවර්දන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

– ප්‍රදීප් අනුර කුමාර

18,161 Viewers

12 Comments to “යාපනය ගුවන් තොටුපළ වෙනුවෙන් ඉන්දියාව සමග ගිවිසුමක්..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    ජයවේවා……
    “නල්ල-තම්බි ” පුරයට…..!!😲😲😲

  2. Kasun Perera says:

    හිගා කනවා හිගා කනවා ඉවරයක් නෑ යකෝ..කවද්ද යකෝ සින්හල අපි අපේ කම ඉදිරියට දාල කකුල් දෙකෙන් හිට ගන්නෙ…???? කවද්ද යකෝ අපි අපේ ජාතිය කකුල් දෙකෙන් නැගිට්ටවන්නෙ…….මොනවයින් අඩු පාඩු රටක්ද මේක…හැමදේම තියනව…හොද මොල තියන උගත් මිනිස්සු ඉන්නවා…හැම සම්පතක්ම තියනව…වැරදිලා තියෙන්නෙ කොහෙද කියන එක තාම හිතා ගන්න බෑ

    • ගන්ජ බන්ඩා says:

      මැලේසියාව සිසිංගප්පූරුව කොරියාව අද තියන තත්වයට දියුනු උනේ කොහොමද කියල රිසච් එකක් කෙරල බලපන්.

    • SURA says:

      Well said. but

  3. 77 UNP says:

    Developing of Palali is another foolish thing. Best place for airport in North is Iranamadu and keep Palali as military base as earlier.

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    මිලි. 300ක් කියන්නේ අර හිටංට ගෙනාපු වාහන ටික විකිනුවම හොයා ගන්න පුළුවන්. ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහන්නේ ඕකටද. අපි මේ තරම් හිගන්නොද. ඇයි මේ තරම් බාල්දු වෙන්නේ. අපිට කොන්ද කෙලින් තියාගෙන තනියම හිටගන්නම බැරිද

  5. Saradiel says:

    යමපාලනය රටේ මුදල් කොල්ලා කාලා දැන් හනුමගෙන් නය ගන්නවා ලැජ්ජයි

  6. David Milli-banda says:

    What is the purpose?? For kallathoni tourism or for the Americans through Hindia?

  7. Fedrick Krishan senarath says:

    යාපනයේ එයාර්පෝර්ට් එක නිසා රට අනාරක්ෂිතයි රේගුවේ නිලධාරීන් නිසියාකාරව ගමන්මළු පරික්ෂා කරන්නේ නැහැ ඔවුන් සමහර අය රදාවාගෙන පසුව ඔවුන් සමග සාකච්ඡා කර කාමරයට ගිහින් ඇවිත් ඔවුන් ගමන්මළු සමග නිදහස් කරනවා කිසිවක් රදාවා නොගෙන බහුතරයක් ගමන්මළු පරික්ෂා නොකර යවයි එවාගේ මොනවද තියෙන්නේ බලන්නේ නැහැ රටට යහපතක් නොව ඒතුළින් සිදුවන්නේ රට අනාරක්ෂිත විමයි රජයේ වගකිවයුතු නිලධාරීන් මේ ගැන සොයබලන ලෙස ඉල්ලා සිටිනවා

  8. Gone gota says:

    People are starving and the food prices have double up within last 3 months.

    Still this Rajapaksa’s trying to find a way to steal money from construction projects….

    First do as you’ll promised before the election …..

    Up to now what this government has done to the citizens?

  9. Open mind says:

    ජනතාව…..මෝහනය වෙලා ?

  10. හිටන්ගෙදර අප්පුහාමි says:

    ලංකාවේ රේගුව ඉන්නේ ජරා පප්පල කියලා ලංකාවේ අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම දන්නවා. කරන්න තියෙන්නේ ත්‍රිවිධ හමුදාවේ අයත් නිෂ්කාශන අංශයට ඇතුලත් කරන එක. ඒ කණ්ඩායම් මාසෙන් මාසෙට නැතිනම් නියමිත කාලවකවනුවකින් මාරු කරන එක. නැත්නම් උන්ටත් ජරාව කන්න පුරුදු කරනවා.
    චන්දෙන් පස්සේ වත් බලමු ගෝටා ඔය කක්ක වලවල් සුද්ද කරයිද කියලා.

Main News