යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරන්න කටුනායක කෑලි ගලවාගෙන යයි.. ඩයස්පෝරාවේ ඉල්ලීමක්…

June 28, 2022 at 2:10 pm | lanka C news
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරන්න කටුනායක කෑලි ගලවාගෙන යයි.. ඩයස්පෝරාවේ ඉල්ලීමක්…

කටුනායක ගුවන් තොටුපලේ භෞතික සම්පත් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සිදුවන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියන මේ බව දැක්වෙයි.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

ගරු ජනාධිපතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ

කටුනායක ගුවන් තොටුපලේ භෞතික සම්පත් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සහ යාපනය ගුවන් තොටුපල ජාත්‍යයන්තර සිවිල් ගුවන් ගමන් සඳහා විවෘත කිරීම මගින් රටට සිදුවන පාඩුව සම්බන්ධවයි

ගරු ජනාධිපති තුමනි,

මේ වන විට සිවිල් ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කර ඇති පලාලි ගුවන් තොටුපල ජූනි 30 වනදා සිට ජාත්‍යයන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට අවශ්‍යය කටයුතු සිදුවෙමින් පවතින බව අපට දැන ගැනීමට ලැබී ඇත.එහෙත් අපට ලැබෙන තොරතුරු වලට අනුව යාපනය ගුවන් තොටුපලේ මගී මෙහෙයුම් සිදු කිරීමේදී මගීන් පරීක්ෂා කිරීමට අවශ්‍යය වන එක්ස් කිරණ යන්ත්‍ර පවා අවශ්‍යය පමණට සවි කර නොමැත. ඒ වෙනුවට කටුනායක ගුවන් තොටුපලේ තිබෙන එක්ස් කිරණ යන්ත්‍රයක් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපලේ සවි කිරීමේ සූදානමක් පවතින බවද අප වෙත වාර්තා වේ.

ඕසටේ‌ලියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට එවීමට අදාලව එරට රජය කටුනායක ගුවන් තොටුපලේ ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳව වෙනමම සමීක්ෂණයක් කර තිබේ. එම සමීක්ෂණ වාර්තා වලට අනුව ඕස්ට්‍රේලියානු සංචාරකයන්ගේ ආරක්ෂාව සැලසීමට අවශ්‍යය ප්‍රමානයට ආරක්ෂක උපකරණ කටුනායක ගුවන් තොටුපල සතුව නොමැත. එවැනි තත්වයක් තුල කටුනායක ගුවන් තොටුපල සතු සම්පත් රැගෙන ගොස් යාපනය ගුවන් තොටුපල හදිසි කර්තව්‍යයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමේ තර්කානුකූල භාවය පැහැදිලි නැත.

ඊට අමතරව කොපමන ගුවන් යානා ප්‍රමානයක් යාපනය ගුවන් තොටුපලෙන් මෙහෙයවීමට අපෙක්ෂිතද යන්න සහ කටුනායකින් මෙහෙයවීම් සිදු නොකර යාපනය ගුවන් තොටුපල හරහාම එම මෙහෙයුම් සිදු කරන්නට පෙළඹීමක් ඇති වීමට හේතු වූ කාරණා පැහදිලි නැත. එම නිසා දෙමළ ඩයස්පෝරාවට මේ වන විට ශ්‍රී ලංකාව තුල කටයුතු කිරීමට ඇති බාධාවන් ඉවත් කිරීමට සමාන්තරව මෙම හදිසි තීන්දුව ගනු ලැබූ බව පෙනීයයි. එසේම යාපනය ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඉන්දියානු රජය දැඩි විශේෂ ඉල්ලීමක් සිදු කළ බවද පසුගිය දිනවල වාර්තා විය. ඒ අනුව බාහිර බලපෑම්මත මෙම හදිසි ක්‍රියා මාර්ග ගනු ලබන බවට සාධාරණ සැකයක් මතුවේ.

ඒ සියල්ලට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා විකල්ප ගුවන් තොටුපලක් ලෙස මත්තල ගුවන් තොටුපල භාවිත කිරීම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා වල ඉන්ධන ඉතිරි වීම මගින් රටට ලැබෙන ප්‍රතිලාභය ඉතා ඉහළය. එහෙත් යාපනය ගුවන් තොටුපල, කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන ගුවන් යානාව වලට විකල්ප ගුවන්තොටුපලක් ලෙස හෝ යොදා ගෙන ප්‍රතිලාභයක් ලබා ගැනීමට නොහැකි බව සිවිල් ගුවන් සේවා විශේෂඥයන්ගේ මතයයි .

වසරකට අධික කාලයක් රත්මලාන ගුවන් තොටුපලින් ජාත්‍යයන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ හිටපු පාලනාධිකාරිය විසින් සිදු කළ මහජන මුදල් නාස්තිය තවමත් ගණන් බලා නැත.

ලාභ ලබමින් තිබූ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම අද වන විට පාඩු ලබන තත්වයට පත්ව තිබෙන බව ඔබතුමා ද දන්නා කාරණයකි. එවැනි තත්වයක් තුළ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම මේ වන විට ගුවන් තොටුපලේ නඩත්තුවට අත්‍යවශ්‍යය තාක්ෂණික උපකරණ මිලදී ගැනීම් පවා නවතා ඇති බවද අප වෙත දැනගන්නට ලැබී තිබේ.

ඒ අනුව සුදු අලියෙකු බවට පත් වීමට නියමිත සහ ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි මෙන්ම ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ දැනට පවතින අලාභය තවදුරටත් තීව්‍ර වන ලෙස යාපනය ගුවන් තොටුපල අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සඳහා විවෘත කිරීමට ගනු ලබන උත්සාහය වැලැක්වීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි

වෛද්‍යය වසන්ත බණ්ඩාර,
ලේකම්,
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය.

62,544 views

13 Comments to “යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් කරන්න කටුනායක කෑලි ගලවාගෙන යයි.. ඩයස්පෝරාවේ ඉල්ලීමක්…”

  1. cam says:

    රටක් ආරක්ෂා කර ගැනීමට ඔබ හෙවුව වීරයාගෙන් දැන් අපට වෙලා තියෙන්නේ ඔහු ගෙන් රට ආරක්ෂා කර ගැනීමට පමණයි සාමාන්‍ය පෙළ අසමත් කියලා අපි අපහාස කරපු සජිත්ට ඔබ නිසා දොස් කියූ තරම් මිනිහා තාමත් විභාග ලියනවා උපාධි ගන්නවා නියමෙට ඉංග්‍රීසි කතා කරනවා

    • කුඹුක්කණ් says:

      ඔය දේශ හිතේෂී සිහල රාව බොදු බල නම් දාගෙන හාම්පුතාලට බලේ දෙන්න බයියො අන්දල චන්ද පොලට දක්කන කැම්පේන් කරන තක්කඩින්ට ඔබ තවත් රැවටෙනවද ? ඕකුන් තමා මේ රට බන්කොලොත් වීමේ මූලිකම වගකිවයුත්තො කවදාවත් මේ රටට ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න ඉස්සරහට යන්න දුන්නෙ නෑ හොර පවුලෙ කොන්තරාත්තු අරන් ජාති ආලෙ පෙන්නල තම්බි විරෝද ජාත්‍යාන්ත්‍රන කුමන්ත්‍රන බිල්ලො මවල හෙළ කාබනික ගුලි කවල රට ගල් යුගේටම අරන් ගියා.තව අන්දනව ලැජ්ජ නැතුව නාකි චීවරධාරී සුදු සරොම් කාර හොර හැත්ත.

    • Boo says:

      ඉංග්‍රිසි කතා කිරීම සුදුසු කමක්නම් සුද්දෙක්ව පත් කර ගන්න තිබුනා. ඕන නම් ඉස්කෝලෙ යන සුද්දෙක් එතකොට ඌත් තාම විභාග ලියනවා පාඩම් කරනවා ඉංග්‍රිසිත් දන්නවා නේ.

      • Alapaluwa says:

        අනිවාර්යෙන්ම මේක කරලා ඇත්තේ අර කඳ,බඩ මහතඑක මොකද ඌගේ බිරිඳ ද්‍රවිඩ ජාතිකයේකු නිසා ඇයගේ ඉල්ලීමට මය කරන්න ඇති. ඇඟ තිබුණට මොළය කුහුභී පුකක තරම්වත් නැති අපාතයා මු උසාවියෙන් වැරදි කරුවෙකු කියා තීරණය කරලත් තමා වැරදි නැහැ කියාගන්නා අමන පරයා ඕකා,ඌ එකවත් දන්නේනැති 8වත් පාස් නැති අපාතකයෙක්.Alapaluwa

  2. Hora Gudda says:

    If this is true, this is a great Tragedy for true SLankans, This may be the result of a conspiracy among the US + India + Tamil NGO Diaspora to set up Jaffna airport as the main airport of Srilanka: Jaffna Palalei Prabhakaran International Airport. Saka seems falling between the fingers of the true Lankans into the hands of our Enemies.

  3. New World Order says:

    නැවතත් ඉන්දියානු විරෝධය වැපිරීම එලිපිටම ජයටම පටන් අරගෙන.
    මේ සඳහා පූර්ව සූදානමක් ලෙස “බොරු රුසියන් හිතවාදයක්” ප්‍රදර්ශනය කර ඔවූන්ව බටහිර න්‍යායාචාර්ය වරුන් විසින් කල් ඇතුව සූදානම් කෙරිනි.
    “ඉන්දියාව සහ රුසියාව කළණ මිතුරන් බව ඔවුන්ට මතක් කර දිය යුතුය.ඉන්දියන් විරෝධයක් සමග රුසියන් හිතවාදයක් පැවතිය නොහැක”.
    ඉන්දියාව, රුසියාව සහ චීනය එකම BRICS සංවිධානයේ සාමාජිකයන්. ලංකාවට නව මූල්‍ය ඒකකයක් යොජනා වන්නේ BRICS පොදු වැඩපිවෙලේ එකඟතාවය අනුවය. ලංකාව වත්මන් ආර්ථික පරිහානියෙන් සහ ආර්ථික මඩ ගොහොරුවෙන් බෙරා ගැනුමට නම් ඩොලරයේ අමුනා ඇති අපකීර්තිමත් රුපියල “හූනා නැට්ට කඩා දා විලෝපියාගෙන් පන බෙරා ගන්නා ලෙසට” හලා දමා නව මූල්‍ය ඒකකයකට යා යුතුය යන්න අපගේ ද පොදු මතයයි.එය අප සාකච්ඡා කලේ මීට මාස කිහිපයකට කලින්ය.
    පාපය, වංචාව, දූෂණය, දශක ගණනාවක හොරකම්, අවස්ථාවාදය, යටත්භාවය යන මේ සියල්ල රුපියල් ලෙස වෙස්වලාගෙන බැංකු ගිණුම් වල තැන්පත් වී හෝ දේපල ලෙස හෝ පවතී.

    • Ms.commonsense says:

      Hi New World Order,

      Don’t panic and support Indian agenda. All these are man made crisis happening in SL now and everyone knows the truth. What we need to focus now is to remove all currupted people and systems from our country. Unfortunately removal of corruption might not support your New World Order agenda.

      Thanks 😊

  4. දකුණු කොනේ says:

    නඩරාජා මල්ලියේ…ඔබ හරි ගොඩ පලයන්. අපි දැන් වල පල්ලේ. මීට දකුණු කොනේ සුමනසිරි….

  5. ලක්පුතා says:

    බලන්න මේ ජාතියට කතා කරන්න මෙච්චර මාතෘකා තියෙද්දි මිනිස්සු බඩ ගැන කතාව.
    මීලග මැතිවරණයට මේ මාතෘකාවම ඇති. ඒ මැසිම පලාලි වල හයිකරන්ට ඉඩ දෙනවාද නැද්ද?
    කට්ටියක් කියනවා ඕනේ,
    කට්ටියක් කියනව එපා…
    ජනතාවට ප්‍රබෝධයක් එක්ක ඒ තීරණය හකුලනවා ජනාධිපතිතුමා.
    ජනතාව හුරේ හුරේ කියා ප්‍රීතියෙන් පිනා යනවා..
    මැතිවරණය දිනනවා…

  6. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    ආ කමක් නෑ.

    යුද්දෙ දින්නා නේ.

    ජෙප්පොන්ට 3% දුන්නනෙ.

    හොරා කාපු නඩු වලින් නිදොස් කොට නිදහස් උනානේ.

  7. LalithM says:

    මේ දොස්තර උන්දැත් අර ලොල් ලොල් ගාන ගුණදාස අමරසේකර ගොයිය වගේ. තේ කෝප්පේ කිඹුල්ලු. කටුනායක කෑලි මත්තල ගෙනගියොත් කමක් නෑ කියන වර්ගයේ පඩ දේශප්‍රේමියෙක්. යාපනය ලංකාවේ කෑල්ලක් නොවේද?

  8. mali says:

    This is true and all this economic turmoil has been started by Tamildiaspora with the help of JVP and SAJABa.
    undial money transfer has been doing well still and idiotic sinhalese have been trapped by tamildiapora nicely this all economic tpetrol diesel problems are creation of them to bend sinhalese to thier federal dream through INdia.

  9. සමන්ත says:

    මට මතක විදිහට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පත් කලේ මීට කාලයකට ඉස්සර නේද? ඉන්දියාවේ තිරුචිලාපල්ලි සහ චෙන්නායි සිට ආසන අඩු ගුවන් යනා ආවි ගියා නේද? ඒ දවස් වලත් මේ ජාතිවාදීන් මේ විදිහටම දැගලුවා. දැන් ආයෙත් දගලන්නේ මහින්දව ගේන්න. දැන් නම් ජාතිවාදය ලංකාවේ ඉඩක් නැත. ලංකාව තරම් විශාල කේරලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 4 ක් තියෙනවා. දැන්වත් මේ වගේ ජාතිවාදීන්ට අවස්ථාව දෙන්න එපා.

Main News