යාපනය නගරය නීල හරිත නගරයක්…

December 28, 2018 at 2:09 am | lanka C news
යාපනය නගරය නීල හරිත නගරයක්…

යාපනය නගරය හරිත නගරයක් කිරීමේ වැඩසටහන යටතේ තුන්වන වරටත් යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් පැල සිටුවීමේ වැඩසටහන උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්ත්වයෙන් පැවැත්විණ.

යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේ සිට කයිට්ස් දොරේඅප්පා ක‍්‍රීඩාංගණය දක්වා ඉදිරියට කරඳ පැල 150ක් පමණ මෙම වැඩසටහන යටතේ සිටුවන ලදී.

මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, යාපනය නගර සභාව මූලිකත්ත්වය ගෙන කටයුතු කළ අතර යාපනය අණ දෙන නිලධාරී ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ සම්පූර්ණ ශ‍්‍රම දායකත්ත්වය මෙම වැඩසටහන සඳහා ලැබිණ.

ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ 51 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න එම සේනාංකයේ නිලධාරීන් ඇතු`ථ සෙබලූන්, 512 සහ 513 බලසේනාංකවල අධිපතිවරුන්, නිලධාරීන් ඇතු`ථ සෙබලූන් මේ සඳහා ඔවුනගේ දායකත්ත්වය සැපයූහ.

– වජිර කොඩිතුවක්කු

1,736 Viewers
Main News