යාපනය නගර සභාවේ වැඩවලට ඇගිලිගැසූ අයට එරෙහිව උපරිම පියවර ගන්නවා..- යාපනය නගරාධිපති

April 13, 2021 at 8:02 am | lanka C news
යාපනය නගර සභාවේ වැඩවලට ඇගිලිගැසූ අයට එරෙහිව උපරිම පියවර ගන්නවා..- යාපනය නගරාධිපති

අත්අඩංගුවට පත් වූ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප ලැබීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ මහනගරසභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට බලපෑම් කල සියලුම පුද්ගලයින්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරන බවටය.

යාපනය මහනගරාධිපතිවරයා යාපන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 09 දා රාත්‍රියේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරුනු අතර නඩුව නැවත් ජුනි මස 26 වනදා කැඳවීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට සිටියේය.

යාපනය නගර ආරක්ෂක බලකායක් ලෙසින් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ඔවුන් වෙනුවෙන් වෙනම නිල ඇඳුමක්ද හඳුන්වා දී තිබූ අතර අදාල නිලඇඳුම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් සාමාජිකයින් විසින් පැළඳී නිලඇඳමට බෙහෙවින් සමාන වීම හේතුවෙන් ඇති වූ තත්වයක් හේතුවෙන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙනවිත් ප්‍රශ්න කොට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

යාපනය මහනගරාධිපති මාද්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ,

‘මහනගරසභාවේ නීතියේ රාමුවට පිටින් ගිය එක ත්‍රස්තවාදයක්ද. මම මේ කරපු දේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විදහට දැකල තමයි මෙයාල මාව අත්අඩංගුවට ගත්තේ අද දවස මෙරට නීති ක්ෂේස්ත්‍රයට කලු පැල්ලමක් එකතුකරපු දවසක්, ඒවගේම නගරසභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට මේ අය දැඩිව බලපෑම් කරල තියනවා. මේ මේගැන ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න සූදානම්.

මහනගරාදිපතිවරයා වෙනුවෙන් අධිකරණයේදී නීතිඥයෙකු ලෙසින් පෙනී සිටි ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසා සිටියේ,

“මණිවන්නන් මහත්තයටඅපරාධ නීතිය යටතේ තමයි නඩු පවරල තියෙන්නේ සාමාන්‍යෙයන් පිරිමි අය අඳින්නේ නිල්පාට නිලඇඳුම් කාකිපාටක් ඇන්ඳනම් ආරක්ෂක අංශ චෝදනා කරනවා. කොළඹ මහනගරසභාවේ අයත් මේ වගේ ඇඳුම් ඇඳන් සල්ලි එකතු කරනවා කොළම මහනගරසභාවට එහෙම පුලුවන්නම් යාපනය මහනගරසභාවට ඇයි බැරි කොළමට එක නීතියක් යාපනයට තවත් නීතියක්ද. එකම රටක් එකම නීතියක් කියල හරයින්නැහැ ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරල පෙන්නන්න ඕන. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,058 views

17 Comments to “යාපනය නගර සභාවේ වැඩවලට ඇගිලිගැසූ අයට එරෙහිව උපරිම පියවර ගන්නවා..- යාපනය නගරාධිපති”

  1. Sirisena Yatawara says:

    History of Jaffna Municipal Council which that track record is /was not reasonable one .
    It looking more encouraging Tamil Terrorism by encouraging LTTE mode of Gun point politics The way of doing management of so-called Security Uniforms and its shape is working towards anti-Establishment politics of covers operation by aim of an undermined security of Jaffna peninsula. This moves are unaccepted to that politics of Sovereignty Rights of citizens of Island and undermined Republic and its Peoples.

  2. මෝ says:

    නගරාධිපති ට බලයක් තිතියෙනවද බලකායන් හදල නිල ඇදුම් දෙන්න.එහෙම නැතිනම් ඒක සිකියුරිටි සමාගමක්ද?ඒවටත් නීති තියෙනවා නේද ?

Main News