යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි…

April 8, 2021 at 4:40 pm | lanka C news
යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි…

යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක් ආරම්භ කල බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියි.

කෙසේ වෙතත් අදාල මහනගරසභා පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් සහ අදාල ඒකකයේ කාර්යභාරය පිලිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නගරසභා නිලධාරීන්ට යාපනය පොලීසියට පැමිණෙන ලෙසටද දැනුම් දී ඇත.

එමෙන්ම පස් දෙනෙකුගෙන් යුත් නගරසභා පොලිස් ඒකකයේ නිලඇඳුම යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධායට අයත් පොලිස් නිලධාරීන් විසින් භාවිතා කරන ලද නිලඇඳුමට සමාන කමක් ඇති බවටද යාපනයේ ජනතාව පවසයි.

අදාල පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියේ යාපනය නගරයේ ප්‍රධාන වීදි අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර සහ දඩ මුදලක්ද නියම කිරීමට සූදානමක් ඇති බවටත් එහිදී මාර්ගයේ බුලත් විට කෙල ගසන්නන්, විවිධ අයුරින් මාර්ගයන් අපවිත්‍ර කරන්නන් ,සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හා පොදු ස්ථාන වල අනවසරයෙන් වාහන නැවත්වීම් වැනි කරුණු වෙනුවෙන් රුපියල් 1000 සිට රුපියල් 5000 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමේ සුදානමක් පවතින බවටය.

එමගින් යාපනය දිස්ත්‍රීක්කයේ පවතින කොරෝනා අවධානම මැඩපැවත්වීමත් නගරය පිරිසිදුව තබාගැනීමටද හැකිවන බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවනන් මහතා වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

40,540 views

21 Comments to “යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි…”

  1. Nalaka says:

    There are lots of Mosquitoes in Jaffna town area, even in the hospital premises too. There is huge canal infront of the Jaffna Nursing School with dirty water reservoir and it is blocked. This is rich source for breed mosquito s. Jaffna UC should pay attention early for this before catching nettle chewrs

  2. Gorilla says:

    Kill those bastards before it becomes big.

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    අවුලක් නැහැ හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන් රාජපක්ෂලාගේ රැකවරණය යටතේ ඉන්නෙ .

  4. Maha sinhale says:

    “කැලය මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නොවේ”

    නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා.

  5. Citizen says:

    බොම්බ ලොරි ආවෙත් බුදුසරණයි බොඩ් ගහගෙන.

  6. කිරියා says:

    දුර දිග යන්න කලින් සුදුසු නිල ඇදුමක් අන්දවන්න. බබා උකුන් වැඩ වලින් ආපසු ත්‍රස්තවාදය එනවා.

  7. සමන්ත says:

    ඇත්තටම කොටි පොලිසිය ඇන්දේ ජාත්‍යන්තර පොලිස් නිල ඇදුම මිසක් ඉන්දියානු කාකි ඇදුම නොවේ. එම ජාත්‍යන්තර නිල ඇදුම වන ලා නිල් පාට ඇදුම මානුෂික පාටක්. අපේ අයගේ නිල ඇදුම දැක්කාම මතක් වෙන්නේ ඉන්දියන් චිත්‍රපට. ඉතිං මිනිස්සුන්ට තරහත් එනවා. ඒ වගේම ඒ ඇදුමේ රඵ බව නිසා අදින කෙනාටත් අපහසුයි.

Leave a Comment

Main News