යාපනය නල්ලූර් කෝවිලට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක්…

August 23, 2019 at 2:10 am | lanka C news
යාපනය නල්ලූර් කෝවිලට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක්…

යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පැවත්වෙන දේව මෙහෙයන් සඳහා මේ වන විට විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටින අතර සියලු දේව මෙහෙයන් වෙනුවෙන් වෙනුවෙන් පොලීසිය හා යුද හමුදාව එක්ව විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.

සෑම වසරකම අගෝස්තු මස පැවත්වෙන නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් මෙවර අගෝස්තු 05 වනදා සිට සැප්තම්බර් 01 වනදා දක්වා පැවත්වෙයි.

එහිදී නල්ලූර් කොවිලේ මන්චාන්, වයිරවර්, කාර්තිකයි, කායාවලී මහාවලී , තීර්තම්වරව ශාන්ති වැනි විශේෂ දේව මෙහෙයන් පැවත්වෙන අතර ඒ වෙනුවෙන් සෑම වසරකම මෙරට මෙන්ම විදේසගතව සිටින බැතිමතුන් ඇතුලු ලක්ෂ 5 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වෙයි.

පසුගිය දිනවල පැවති අයහපත් වාතාවරනය හේතුවෙන් යාපනය නල්ලූර් කෝවිලේ ආරකෂාව වෙනුවෙන් පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හමුදාවද යෙදවීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් නල්ලූර් කෝවිලේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින යුද හමුදාව ඉවත් කරගත යුතු බවට දෙමළ ජාතික සන්ධානයෙන් චෝදනා නැගුවද බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදාව යෙදවීමට පියවර ගත් බවට හිටපු  යුදහමුදාපති ලුතින්න් ජනරාල් මහේෂ් සේනානායක මහතාද නල්ලූර්හි ආරක්ෂක තත්වය සොයාබැලීමිට පැමිණි අවස්ථාවේදී කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,488 Viewers
Main News