යාපනය නල්ලූර් කෝවිලේ දේව මෙහෙයට ලක්ෂයටක අධික බැතිමතුන්… ඉන්දියාවෙනුත් පූජකයින් හා බැතිමතුන්..

August 27, 2018 at 5:30 pm | lanka C news
යාපනය නල්ලූර් කෝවිලේ දේව මෙහෙයට ලක්ෂයටක අධික බැතිමතුන්… ඉන්දියාවෙනුත් පූජකයින් හා බැතිමතුන්..

යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පැවත්වෙන දේව මෙහෙයන් සඳහා මේ වන විට ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී ඇති අතර දේව මෙහෙයන් වෙනුවෙන් ඉන්දියාවේ සිට පූජකවරුන් හා බැතිමතුන් පිරිසක්ද සහභාගී වී ඇති බවට නල්ලූර් පූජක මණ්ඩලය කියා සිටියේය.

නල්ලූර් දේව මෙහෙයන් වෙනුවෙන් ඉන්දීය පූජකවරුන් 500 කට අධික පිරිසක් මෙන්ම ඉන්දීය බැතිමතුන්ද 2000 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතරම දිවයිනේ නන්දෙසින් බැතිමතුන් දිනපතා පැවත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී අතරම නල්ලූර් අවසන් දේව මෙහෙය වන විට ලක්ෂ 7 ක පමණ බැතිමතුන් පරිසක් සහභාගී වනු ඇති බවට නල්ලූර් කෝවිල් භාරකාර මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටියි.

පසුගිය 15 වනදා ආරම්භ වූ නල්ලූර් වාර්ෂික දේව මෙහෙය ලබන  සැප්තම්බර් 10 වන දින දක්වා පැවත්වීමට පියවර ගෙන ඇති අතර 10 වනදා පැවත්වෙන විශේෂ දේව මෙහෙයෙන් නල්ලූර් උත්සවය අවසන් වෙයි.

මේ අතර නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් දමිළ බැතිමතුන් මෙන්ම සිංහල බැතිමතුන්ද විශාල වශයෙන් පැමිණෙන බවට වාර්ථා වෙයි.

නල්ලූර් දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වන සියලුම බැතිමතුන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ගෙන ඇති අතර ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 500 කට අධික පිරිසක් යෙදවීමටද පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

165 views

7 Comments to “යාපනය නල්ලූර් කෝවිලේ දේව මෙහෙයට ලක්ෂයටක අධික බැතිමතුන්… ඉන්දියාවෙනුත් පූජකයින් හා බැතිමතුන්..”

  1. පොඩි එකා says:

    ඔය ඉන්දියාවෙන් එන බැතිමතුන් නැවත ඉන්දියාවට යනවද.. නැත්තං හොරෙන් මෙහෙම බින්න බහිනවද කියලා සොයලා බලන්නේ කවුද…? කිසි කෙනෙක් නෑ… කවද හරි අපේ මව් රටේ සිංහලයින් සුළු ඡාතියක් වී දෙමල ඡාතිය (ලාංකිය + ඉන්දියානු) මහ ඡාතිය වෙනවා නොඅනුමානයි…

    • maraya says:

      @පොඩි එකා
      ඔබේ අදහස් 100% අනුමත කරනවා ..ඔය වන්දනාවේ එන්නේ වැඩි පුරම කල්ලතෝනි ආපසු යන්නේ නැහැ
      ඒ පිලිබදව කිසිවකු දැන් සොයන්නේ නැහැ ..අහෝ රටකට සිදුවූ /සිදුවන අපරාධයක තරම ..විසා නැතුව ඉන්දියාවේ දමිළ ජනතාවට අපේ රටට ඇතුළු වීමට අවසර දී ඇත ..සිංහලයා තාමත් නිදිද ?

    • podi eka says:

      E vitharakda, un aran ena leda roga

  2. LION says:

    මේ අතර රෝ ඔත්තු සේවය එන්න පුළුවන් බලාගෙන

  3. Love nature says:

    Like Christianity and Islam and Judaism, Hinduism can be seen as a religion as well as mythology. It all depends on the meaning we choose. It depends on who is using the word, and why.

  4. sinha le says:

    අපේ බෞද්ධ සිද්ධස්ථාන මත මොන තරම් කෝවිල් හදලා තියෙනවද? වවුනිකුලම් කෝවිල හදලා තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථානයක් මත කනගරායන් කුලම් කෝවිල හදලා තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථානයක් මත තිරුකේතීෂ්වරම් කෝවිල හදලා තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථානයක් මත කෝනේෂ්වරම් කෝවිල හදලා තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථානයක් මත.

  5. sakalabujan says:

    කෑගල්ලේ, අරණායක සාමසර කන්ද නාය යාමෙන් පසු අදටත් ඉතිරිවී ඇත්තේ අඳෝනාවකි.

    යන එන මං නැති පවුල් රැසක් කන්ද පාමුල තවමත් සිටින්නේ දුෂ්කරතා දරාගනිමිනි.

    නිවාස ගැටලුව, විරැකියාව, තේ කර්මාන්තයේ බිඳ වැටීම, මේ ජීවිත තලා පෙළා දමා තිබේ.

    එදා අසරණ වූ පිරිසක් වසන්තගම ගම්මානයේ පදිංචි කර ඇතත් ඔවුන්ට රැකියා නොමැත.

    ජනතාව ඉල්ලා සිටින්නේ මේ ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි.

Main News