යාපනය පල්ලියේ දේව මෙහෙය පැවැත්වූ ස්විස් දේවගැතිට කොරෝනා.. සහභාගී වූ සියළු දෙනා අවදානමේ.. වහා නිරෝධායනයට..

March 21, 2020 at 3:00 pm | lanka C news
යාපනය පල්ලියේ දේව මෙහෙය පැවැත්වූ ස්විස් දේවගැතිට කොරෝනා.. සහභාගී වූ සියළු දෙනා අවදානමේ.. වහා නිරෝධායනයට..

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගිවූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි  පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වීමත් සමග එම පූජාවට සහභාගී වූ යාපනයේ බැතිමතුන් සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ සොදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

එමෙන්ම අදාල පූජක වරයා සමීපව ඇසුරුකල පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීරයේ ඇති වූ උණසහිත රෝග ලක්ෂණයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවටත් එම දෙදෙනාට නිශ්චිතවම කොරෝණා වයිරසය ආසාදනය වී ඇත්දැයි මෙතෙක් කීමට නොහැකි බැවින් පරික්ෂණ කටයුතු සිදු කරන බවටද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

යුදහමුදාව, පොලීසිය, ග්‍රාමසේවකවරුන්  සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර ඇතම් බැතිමතුන් පිළිබඳව මේ වන විටත් තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලැබී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය පවසයි.

මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා වෙයි.

එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති සී.සී.ටී.වී. කැමරා උපයෝගී කර ගනිමින් පූජාවට සහභාගී වූ අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකරන බවත් එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත් උතුරු ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී ඇත.

යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ බවට සැකකෙරෙන යමක් ශරීරයෙන් පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කොට රෝහල්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

59,412 Viewers

21 Comments to “යාපනය පල්ලියේ දේව මෙහෙය පැවැත්වූ ස්විස් දේවගැතිට කොරෝනා.. සහභාගී වූ සියළු දෙනා අවදානමේ.. වහා නිරෝධායනයට..”

  1. Alapaluwa says:

    මේ සුවිස් කාරයෝ (NGO) නඩය තවමත් හොල්මන් කරමින් සිටීද? මුන්ගේ අරමුණ ආගම දේශණා කිරීම නොව ඉතාමත් බයානක අරමුණක් ඉටුකරාගැනීමයි කරැනාකර මෙවන් අයව වහාම රටින් නෙරපන්න කමල් ගුණරත්න මහතාණෙනි .මේ විදියට මුන්ට මුන්ගේ අවශ්‍ය දේවල් ඉටුකරගන්න ඉඩ තැබුවොත් පසුව අපිට දුක්වන්න වනවා ඒකාන්තයි!

    • sena says:

      thawa bada ganning ngo karayanwa

      • JUDE says:

        ජිනීවා ගිහින් අපේ රටට විරුද්ධව බොරු චෝදනා නගන උතුරේ දෙමළ ජාතිවාදීන්ට කොරෝනා වයිරසය සමග ස්විස් දේවගැතිවරයෙක් දෙවියන්වන්හන්සේ එවලා තියෙන්නේ යාපනේ ආත්මාර්ථකාමී ජාතිවාදීන්ට දඩුවමක් දීමට ..දෙවියන්වහන්සේගේ කැමැත්ත ..ආමෙන්

    • sena says:

      thawa kapan ngo walin

  2. Eiffel says:

    පළවෙනි රෝගියා හමු වෙච්ච වෙලාවෙම ජනරාශීන් නැවැත්තුවනම්ඕක වෙන්නෙ නෑ..

    කොරියාව, ඉතාලිය දෙකම කෙලව ගත්තෙ ඔය වැරැද්දෙන්.. අපිටත් දඟලන්න වෙයි වගේ සෑහෙන…

    • CAT says:

      උතුරේ හින්දු කෝවිල් වල දෙමළ ජනතාව පමණක් කොරෝනා වලින් බේරාදීමට කල පුද පුජා වලට තෑග්ගක් දෙවියෝ එවලා ….
      හික්…හික්….හික්…

  3. Banda says:

    Whatever happened to that racist TNA politico who feistyly objected to corona quarantine facilities in the north.

  4. Saman says:

    මෙච්චර හොර එතනෝල් තියෙන රටේ
    Sterilisation liquid නැ

  5. COVID-19 says:

    They said North doesn’t want quarantine centres.

  6. Araliya says:

    Pumanthiran, gambandan, liwagisingam, vikineshwaran sahabhagi une nethida danne nehe. Ehema now una nam a parade….

  7. Riyaa says:

    Government please…
    Please open sheds near hospitals to facilitate fuel for hospital staff.
    Hurry up

  8. වැඩිහිටියා says:

    කෝ මේ ටී.එන්.ඒ. ගොබිලො. උන් කිව්වේ මෙහෙ රෝගීන් /නිරෝධායන එපා කියල

  9. john the baptice says:

    දැන්වත් තේරනවද ලෝකය මැවීම සුරංගනා කථාවක් බොරුවක් බව

  10. Fernando says:

    මුන්ටනම් පිස්සු .

  11. samantha says:

    me punnakku kana eunge weda tama

  12. saman says:

    දේවමෙහෙය…!!! එතකොට දෙයියො කොහෙද ඉන්නෙ.. දේව මෙහෙය කරන එවුන්ටත් අනිත් එවුන්ගෙ ලෙඩ බෝ වෙනවනං නොපෙනෙන දෙවියන් යැදීමේ ඵලය කුමක්ද?

  13. නිළමේ says:

    වෛරසයට ආගමක් ශාස්තෲවරයෙක් අදාල නොවේ.

  14. Lol says:

    They said no corona quarantine centers in North, corona said u just wait bitch 😁. Dan enna serama epa kiyuwa thanwalata adagena.

  15. david milibanda says:

    ස්විස් දේවගැති කොරෝනා ragena visits Jaffna..

  16. Shani says:

    පොඩ්ඩක් හොයල බලලා කියන්න පුළුවන්ද.. ගානියා බරිස්ටත් ඔය දේව මෙහෙයට අවද කියල.

  17. MD says:

    Wahama oya dewagathiya genwapu aya Pariksha karanna.sula mula soya ikman piyawara walata yanna.switz apita game ekak denna balanne.Pahara wasala damila kotasak ipduna Rata Pawadenawa.ehema karala Jatika geeya damila basawenuth illanawa.

Main News