යාපනය පුරා යතුරු පැදි කල්ලි.. – වෙඩි තැබීමට හේතුව සාගල කියයි..
October 23, 2016 at 12:00 pm | lanka C news
බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක පැවසීය.
යාපනයේ ‘යතුරු පැදි කල්ලි’ සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එවැනි වාතාවරණයක් තුළ ශිෂ්‍යයන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය මාර්ග සංඥා නොතකමින් ගමන් කරනු දුටු පොලිස් නිලධාරීන් කලබල වී ඔවුන්ට වෙඩි තබා ඇතැයි අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා සංදේශයට පැවසීය.
අමාත්‍යවරයා පවසන පරිදි එම පොලිස් නිලධාරීන් මුලින් පවසා තිබෙන්නේ ඔවුන් අහසට වෙඩි තැබූ බවයි.
අදාළ පොලිස් නිලධාරීන් පිරිස ඒ අවස්ථාවේ සත්‍යය හෙළි කළේ නම් ඒ පිළිබඳව මෙතරම් ආන්දෝලනයක් මතු නොවනු ඇතැයි පවසන අමාත්‍ය සාගල රත්නායක, ප්‍රදේශයේ නීතිය සහ සාමය රැකීම විනා යාපනයේ ජනතාවට හෝ උතුරේ දෙමළ තරුණයන්ට එරෙහිව පොලිසිය කිසිදු සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කර නොමැති බව අවධාරණය කළේය.
සිදුවීම පිළිබඳව සැලවීමෙන් අනතුරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බව සඳහන් කළ අමාත්‍ය සාගල රත්නායක, පොලිස් නිලධාරීන්ට කුමන ආකාරයේ ගිනි අවි සැපයිය යුතුද යන්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර විශේෂ ප්‍රතිපත්තියක් සකස් කරන බවත් සංදේශයට පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් පස් දෙනා නොවැම්බර් 04 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
මේ අතර ශිෂ්‍යයන්ගේ අවමගුල් උත්සව පැවැත්වෙන සඳුදා දිනය ශෝක දිනයක් ලෙසින් යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ස්ථිර පොලිස් ප්‍රකාශකවරයකු නොමැතිවීම හේතුවෙන් පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීමට මාධ්‍යවලට ලැබී තිබුණු අවස්තාව ඇහිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, පොලිස නිලධාරීන් ‘මාධ්‍ය සංදර්ශන’ පැවැත්වීම කෙරෙහි තමාගේ කිසිදු මනාපයක් නොමැති බවයි.
“අන්තිමට ඒ මාධ්‍ය සංදර්ශන නිසා පොලිස්පතිතුමා, ඇමතිතුමා සහ ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා,” ඔහු පැවසීය.
පොලිසියේ දෛනික කටයුතු පිළිබඳව දිනකට මාධ්‍ය නිවේදන කිහිපයක් නිකුත් කරන ලෙසත්, විශේෂ සිදුවීම්වලදී අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර මාධ්‍ය දැනුවත් කරන මෙන් පොලිසියට උපදෙස් දී ඇති බවත් අමාත්‍ය සාගල රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.
– BBC
This guy seem to be genuine and straight forward.
සාගලගේ පක්ෂය කුමක් වුවත් ඔහු කෙලින් පුද්ගලයෙක් ඒවගේම වැදගත් කෙනෙක් .ගඩු දේශපාලකයෙක් නෙවෙයි .ඔහු වගේ අය දේශපාලනයේ සිටිනම් මේ රට වඩා වැදගත් රටක් වෙන බව ස්ථිරයි . ඔහු වගේ අය ලින් ගෙම්බෝ නෙවෙයි ඔවුන් වගේ අයට මේ රටේ මේ තිබෙන ජරා මදාවි තත්වය වෙනස් කරන්න පුළුවන් .
මේ රටේ අද රස්තියාදුකම අවනීතිය චන්ඩිකම අසාධාරණය මතුවෙලා වැදගත්කම සාධාරණත්වය වැළලිලා ගිහිල්ල
අපේ මිනිස්සු වැදගත් මිනිසුන්ට වඩා කැමති ජරා රස්තියාදුකාර මිනිසුන්ට අන්න එනිසා තමා අර හරින් වගේ මිනිස්සු සේනසිංහ වගේ මිනිස්සු මර්වින් වගේ මිනිස්සු ටෝමියා වගේ මිනිස්සු අර ආණමඩුවේ පොලිස්කාරයා වගේ මිනිස්සු ජනප්‍රිය වෙන්නේ .
Yes. At least there is one Minister who speaks like this.
Thank you… regardless your party politics.
නනීතියට ගරු නොකරන එකාගෙ මොකක්ද තිබෙන හොදේ?කොහේ උනත් කොතන උනත් නීතියට ගරු නොකරන එකා ත්‍රස්තයෙක් උන්ට වෙඩි තැබිය යුතුයි
He is a guy who we can call a real minister and gentlemen. we need those kind of people to our political field.
SA GALA
MAN GALA OKKOMA EKAI
යහපාලන පරයිනි,තොපේ වෙනස නියමයි !
හොඳට තිබුන රට තොපි කෑවා !
වහාම රට බාරදී පලයව් !
යහපාලන පරයිනි,තොපේ වෙනස නියමයි !
හොඳට තිබුන රට තොපි කෑවා !
වහාම රට බාරදී පලයව් !
යහපාලන පරයිනි,තොපේ වෙනස නියමයි !
හොඳට තිබුන රට තොපි කෑවා !
වහාම රට බාරදී පලයව් !
SAAAAAAAAAAAYYYYYYYYYY
ඒ කියපු කල්ලියකින් නෙලලා කියලා පොලිස් මහත්තුරු 2 ඔය රෝහලේ ඉන්නෙ.
ලොකු තුවාල නෑ ලේ චුට්ටක් එනව අතයි ඔළුව ලොකු තුවාල නෑ
කියන්නේ.
sakkili yamapalana eelam balu results……