යාපනය මහනගරාධිපති වශයෙන් එමානුවේල් අනොල්ඩ් දිවුරුම් දෙයි…

March 27, 2018 at 2:02 am | lanka C news
යාපනය මහනගරාධිපති වශයෙන් එමානුවේල් අනොල්ඩ් දිවුරුම් දෙයි…

යාපනය මහනගරසභාවේ බලය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට තවත් පක්ෂ දෙකක සහය ලැබීමත් සමග (26) යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත්සභා මන්ත්‍රී එමානුවේල් අනොල්ඩ් මහතා දිවුරුම් දෙනු ලැබීය.

එමානුවෙල් අනොල්ඩ් මහතා දිවුරුම් යාපනය මහනගරසභාවේදී උතුරු පලාත් පාලන කොමසාරිස් එම්. පැට්‍රික් ටිලන්ජන්  මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.

පැවති පලාත්පාලන මැතිවරණය යාපනය මහනගරසභාව වෙනුවෙන් වෙනුවෙන් ඡන්ද 14924 ක් ඡන්ද ලබාගෙන තිබූ අතර මන්ත්‍රී ආසන 18 ක් හිමිව තිබුණි.

අනතුරුව අද දිනයේදී දෙමළ ජනතා මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරු 13 ක් හා ඊ.පී.ඩී.පී. පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනෙකු දෙමළ ජාතික සන්ධානයට සහය පලකිරීමත් සමග දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය මහනගරසභාපති වශයෙන් යොජනා කොට තිබූ එමානුවේල් ආනෝල්ඩ් මහතා නිතරගයෙන් යාපනය මහනගරාධිපති වශයෙන් තොරීපත් විය.

එමානුවෙල් ආනෝල්ඩ් මහතා මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් තෙරීපත් වී පසුව පැවති පලාත්පාලන මැතිවරණයේදී පලාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී මහනගරසභාවට තරග කල අතර එහිදී පක්ෂයේ හා මහජනතාවගේ කැමත්ත පරිදි අද දින මහනගරාධිපති වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7 views

One Comment to “යාපනය මහනගරාධිපති වශයෙන් එමානුවේල් අනොල්ඩ් දිවුරුම් දෙයි…”

  1. sinha le says:

    කොටි එමානුවෙල් ගේ නෑයෙක් වගේ

Main News