යාපනය මහාධිකරණ විනිසුරුගේ පොලිස් ආරක්ෂකයින්ට වෙඩි තබා මැරුවේ කොටි සාමාජිකයෙක්..

July 23, 2017 at 1:20 pm | lanka C news
යාපනය මහාධිකරණ විනිසුරුගේ පොලිස් ආරක්ෂකයින්ට වෙඩි තබා මැරුවේ කොටි සාමාජිකයෙක්..

යාපනය මහාධිකරණ විනිසුරගේ ආරක්ෂක පොලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශණ කණ්ඩායම් සැක පලකරන අතර ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.

මෙසේ  උදෑසන අත්අඩංගුව ගෙන ඇත්තේ ප්‍රධාන සැකකර        ැගේ වැඩිමහල් සොහොයුරෙකු හා තවත් ඥාතියෙකු වන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩි දුර ප්‍රශ්ණ කිරීම් සිදු කරන බවට වාර්ථා වෙයි.

යාපනය නල්ලූර් කොවිල් පිටුපස පිහිටි අතුරු මාර්ගයක ඊයේ (22) සවස යාපනය මහාධිකරණ විනිසුරු නිල නිවසට යමින් සිටින අවස්ථාවේදී විනිසුරු රථය අයෙකු විසින් හරස් කොට පොලිස් ආරක්ෂකයින්ට සිදු කරන ලද වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබීය.

යාපනය පොලීසිය රහස් පොලීසිය ඇතුලු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විසින් මේ වන විට අදාල වෙඩි තැබීම සිදු කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගෙන ඇති බවට වාර්ථා වෙයි.

වෙඩි තැබීම සිදු කරේ යැයි සැක කෙරෙන පුද්ගලයා වෙඩි තැබීමට පෙර නල්ලූර් කොවිල ලග පිහිටි ත්‍රී රෝද රථ ගාලේ සිටි රියදුරන් සමගද ආරවුල්ක ඇති කරගෙන සිටි අතරම එම පුද්ගලයා බීමතින් සිටි බවටද කරුනු අනාවරනය වෙයි.

මීට අමතරව මෙම සැකකරු යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි කරුවෙකුද වන අතර පුන්කුඩතිව් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වූ ස්විස් කුමාර් නැමත්තා සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටත් අදාල නඩුව විභාගය වන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මානික්කවාසගර් ඉලංචේලියන් මහතාද සිටීම නිසා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට යාපනයේ වැසියන් විසින් පොලීසියට තොරතුරු ලබා දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

116 views
Main News