යාපනය මහාධිකරණ විනිසුරු සහ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් අතර හමුවේදී ජාතික සමගියට අලුත් පියවරක්

August 10, 2017 at 8:40 am | lanka C news
යාපනය මහාධිකරණ විනිසුරු සහ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් අතර හමුවේදී ජාතික සමගියට අලුත් පියවරක්

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා සහ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්, යාපනය ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු කිහිප දෙනෙකු අතර 08 දින යාපනයේදී විශේෂ හමුවක් සිදු විය.

යාපනය මහාධිකරණ විනිසුරුගේ නිල නිවසේදී මෙම හමුව සිදු වූ අතර පසුගිය දා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක සරත් ප්‍රේමචන්ද්‍රගේ පවුලේ සාමාජිකයන්ට මහාධිකරණ විනිසුරු වරයා විසින් උපකාර කරමින් ගෙන යන වැඩපිළිවෙලට සහය පළ කිරීම සඳහා මෙම සාකච්ඡාව පවත්වීය.

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අතර, උන්වහන්සේගේ ගිහි නම මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකරයි.

එහිදී අදහස් දැක්වූ බුද්ධංගල ආනන්ද හිමියන් වදාල සිටියේ ,

ඔබේ ආරක්ෂකයා මිය ගිය අවස්ථාවේදී එදා මම දැක්කා මහාදිකරණ විනිසුරුතුමාගෙ මුහුණින් සහ ඇස්වලින් කෘත්ක්ඥතාවයේ කඳුලු අව්‍යාජව ගලා හැලෙන හැටි යාපනයඓතුමන් කරපු දේ වර්ථමාන ජනාධිපතිතුමන් අගය කලා ඒ වගේම හිටපු ජනාධිපතිතුමත් අගය කලා මේ වේච්ච දේ ැන හැමෝම භේදයක් නැතුව හොඳ ප්‍රතිචාර දැක්වුවා .

මෙහිදී අදහස් දැක්වූ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි කියා සිටියේ,

‘මහාධිකරණ විනිසුරු වරයාගේ ආරක්ෂකයා මිය ගිය අවස්ථාවේදී ළමයින්ගේ සහ පවුලේ සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන්න පියවර මහාධිකරන විනිසුරු තුමන් පියවර අරන් තියනවා ඒක ඉතා අගය කළයුතු දෙයක් රටේත් ජනතාවගේත් යහපත උදෙසා රජය සංහිදියාවක් කරා යන ගමනේදී මෙවැනි සිදුවීම ඉතා අගනෙයි මෙවන් සිදුවීම් ඉතා සුවිශේෂියි කියලයි මම හිතන්නේ’

– වන්නි රොමේෂ් මධුෂංඛ

67 views
Main News