යාපනය මහාධිකරන විනිසුරු හඩා වැලපෙයි… දිවිදුන් පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩයි…
July 23, 2017 at 3:05 pm | lanka C news
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතාගේ ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මහාධිකරණ විනිසුරු මිය ගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩා වැලපෙන ඉතා සංවේදි අවස්ථාවක් සිදු විය.
මිය ගිය 57 හැවිරිදි පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නැමති නිලධාරියාගේ බිරිඳ අද උදෑසන පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ ස්ථානයට පැමිණි අතර එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ඉතා සංවේදී විය.
ඊට පෙර මහාධිකරණ විනිසුරු තුවාල ලැබූ පොලිස් නිලධාරීයාද හමු වීමට ගිය අවස්ථාවේදී එම පොලිස් නිලධාරියා වැලඳගනිමින් හඩා වැලපීම නිසාවෙන් එම අවස්ථාවද ඉතා සංවේදදි විය.
මිය ගිය පොලිස් සැරයන් ගනේවත්තගේ සරත් හේමචන්ද්‍ර නැමත්ගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය වැදීමෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වීම නිසා එම මරණය සිදුව ඇතිය පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
he should be our next president or prime minister
manussakama
Majority of the Tamil people are thinking like the learned HC Judge. This should be a excellent message to other Tamils specially politicians and people like, Sambandan, Sivaji Lingam and Vignaewaran, who thinks the other way being a retired HC Judge
Killing two birds with one stone. Very clever.