යාපනය රෝහලේ කොරෝනා රොගී කතක්..? කොළඹට එවයි.. ඇය චීනයේ සිට පැමිණි අයෙක්..

February 6, 2020 at 12:40 pm | lanka C news
යාපනය රෝහලේ කොරෝනා රොගී කතක්..? කොළඹට එවයි.. ඇය චීනයේ සිට පැමිණි අයෙක්..

චීනයේ සිට වව්නියාවට පැමිණි තරුණයිකට කොරෝනා වෛරසයට සමාන රෝගී තත්වයක් හේතුවෙන් වව්නියාව රෝහලට ඇතුලත් වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම තරුණිය යාපනය ශික්ෂණ රෝහල වෙතට මාරු කොට යවා ඇත.

24 හැවිරිදි එම තරුණිය පසුගියදා චීනයේ සිට පැමිණීමෙන් පසුව හට ගත් උණ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (05) දින වව්නියාව මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මෙසේ වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනයට මාරු කොට යවනු ලැබීය.

යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යැවූ තරුණියට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තමන් විශ්වාශ කරන බවටත් එම තරුණියගේ රුධිර සාම්පල මේ වන විටත් පරික්ෂණ සඳහා යොමු කොට ඇති අතර ඒ වෙනුවෙන් උතුරේ ජනතාව කිසිවෙක් බියක් සැකයක් ඇතිකරගත යතු නොවන බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා සහා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජමුනානන්දන් යන අය පැවසීය.

එමෙන්ම මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ අංග සම්පූරණ පහසුකම් වලින් යුත් වෙනම විශේෂිත වූ වාට්ටුවක් වෙන් කොට ඇති බවටද කැස්ස , සෙම්ප්‍රතිස්සාව හා උණරෝගී තත්වයක් ඇත්නම් ඔනෑම අයෙකුට රෝහල වෙතට පැමිණ රෝගි තත්වය පිළිබඳව නිරනය කිරීමට හැකි බවටත් මේ වන විටත් වෛරස් රෝගී තත්වයෙන් ආරක්ෂා වීමේ පහසුකම්ද සපයා ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහාතා වැඩිදුරටත් පවසා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31,897 Viewers

5 Comments to “යාපනය රෝහලේ කොරෝනා රොගී කතක්..? කොළඹට එවයි.. ඇය චීනයේ සිට පැමිණි අයෙක්..”

  1. sand man says:

    minissu baya karana news danna epa oy … me news eke kothanakawath kiyala na me leda Colombo ewuwa kiyala mewa maha sakkili weda .. janathawa mula karannay hits wedi karagannay jada madya karana sakkili weda

  2. sand man says:

    jada madye jada weda me news eke kothanakawath kiyala na ledawa Colombo ewwa kiyala … janathawa rawattanna epa

  3. Fedrick Krishan senarath says:

    යාපනයේ ජාත්‍යන්තර එයාර්පෝර්ට් එකෙන් ආව කෙනෙක් වෙන්න ඕනේ ඔය කොරොනා වෛරසය බෝවෙලා තියෙනවා කියන අය ඒ එයාර්පෝර්ට් එකේ කිසිම ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැති නිසා චෙන්නායි හරහා යාපනයෙන් ලංකාවට ඇතුල්වෙන්න පුළුවන් රෝගින් නිසි පරික්ෂණ ක්‍රමවේදයන් නොමැත ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් ආරක්ෂක අංශ වාර්තා කර ඇත බලධාරීන්ට තවම නිසි පියවර ගෙන නැහැ රේගුවේ නිලධාරීන් නිසියාකාරව ගමන්මළු පරික්ෂා නොකරයි සමහරු මුදල්මත මුදාහැරීම කරයි එයාට උදාහරණයක් විදිහට ජනවාරි 20 සිසිටිවි දර්ශන පරික්ෂා කලොත් දැකගන්න පුළුවන් යාපනයේ ජාත්‍යන්තර එයාර්පෝර්ට් එක වසාදැමිය යුත්තක් නැවත පිපිරිමකින් උනදාට සොයනවාට වඩා නිසි කළමනාකරණයකින් යුතුව සකසා යනවා නම් වඩාත් හොඳයි දමීල නිලධාරීන් නොයොදවා මුස්ලිම් පවා එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකිදේ රේගුව හරහා රටට එමට පුළුවන් නිසා

    • john the baptice says:

      යාපනය විශ්වවිද්‍යාල සිසුන් නිදහස් දිනය වර්ජනය කිරීම නිසා දෙවියන් දුන්තෑග්ග කොරෝනා වයිරසය ….ඉන්දියාවේ තිබෙන හැම දරුණු රෝගයක්ම යාපනේ යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ලංකාවට පැමිණිය හැක ..එය අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි මේ ගුවන් තොටුපොල වසා දැමිය යුතුයි

  4. cobra says:

    යාපනයේ ජාත්‍යන්තර එයාර්පෝර්ට් එක ආරක්ෂක හේතු මත නතර කල යුතුයි .මෙය LTTE ත්‍රස්තවාදීන්ට ඉන්දියාවේ දෙමළ කල්ලතොනින්ට , යාපනයට ඇතුළු වීමට යහපාලනයෙන් දුන් සන්තෝෂමක් ..තෑග්ගක් වැනිය

Main News