යාපනය විශ්වවිද්‍යාලයේ උණුසුම් තත්වයක්….

October 10, 2020 at 2:12 am | lanka C news
යාපනය විශ්වවිද්‍යාලයේ උණුසුම් තත්වයක්….

යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ සිසුන් හා ආචාර්ය මණ්ඩලයේ අතර 08 රාත්‍රියේ ඇති වූ උණුසුම්කාරි තත්වය පිළිබඳව පූර්ණ පරික්ෂණයක් පවත්වා විනයානුකූල පියවර ගන්නා බවට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා පවසා සිටියේය.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ දෙවන හා තුන්වන වසර වල සිසුන් පිරිසක් අතර සරසවි උද්‍යානය තුල ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් දක්වා දුරදිග යාමේ උණුසුම්කාරී තත්වයක් හට ගැනීමත් සමග එය විසඳීම සඳහා සරසවි ආචාර්ය වරුන් කිහිප දෙනෙකු හා ආරක්ෂක නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ ඇත.

එහිදී සරසවි ආචාර්ය වරුන් සමග සිසුන් ඇතිකරගත් බහින්බස් වීමක් දුර දිග යාමෙන් එහි සිසුන් පිරිසක් විසින් සරසවි ආචාර්ය වරුන් විසින් තමන්ට තර්ජනය කොට පහරදුන්නේ යැයි පවසා විරෝධතාවයක නිරත වූහ.

එහිදී සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලයේ ඇතුල්වීමේ දොරටුව ඉදිරිපිට හිඳගනිමින් සරසවි ආචාර්ය වරුන්ට එරෙහිව විරෝධතාවක නිරත වෙමින් සාධාරණයක් සිදු කරන ලෙසට ඉල්ලා සිටියහ.

අනතුරුව අදාල ස්ථානයට පොලීසිය සමග පැමිණි යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්. ශ්‍රීසද්ගුණරාජා විසින් අදාල සිදු වීම සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවටත් සියලු වැරදි කරුව්නට එරෙහිව විනායානු කූල පියවර ගන්නා බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුව විරෝධතාවය නවතා දැමීමට සිසුන් විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28,687 views

6 Comments to “යාපනය විශ්වවිද්‍යාලයේ උණුසුම් තත්වයක්….”

  1. ලැම්බට් says:

    හැම කැම්පස් එකේම ඔලුව ඉදිමුණු බූරු පැටව් ඉන්නවා

  2. Gihan says:

    යාපනේ මෙවැනි කලහකාරි ක්‍රියා එවලේම මර්ධනය කරන්න, නැත්නම් ව්‍යාප්ත වේවි. සිංහල ජනතාව යාපනේ ඉක්මන්ට පදිංචි කරවන්න. ඉන්දියාව නැවත දෙමලුන් කුලප්පු කරන්න හදන බවක් පෙනෙනවා.

  3. Upul Attanayake says:

    All over the country bad seeds. before give university education give all student who selected to university .they must complete 6 month counseling ,most of them com university lower ground .they dont no how to handle circumstances. then starting fighting against it .all country mess

    • ගොන් නාම්ඹා says:

      සිංහලෙන් ලියමු නේද? සිංහල යුනිකෝඩ්” වලින් ලියන්න පහසුයි.

  4. DD says:

    ආට්කාරයො කොහොමත් ඔහොම තමයි. උපාධිවල කිසිම කොලිටියක් නෑ. මුන් තමයි රටේ පරිපාලන සේවයට ගිහිල්ලා රට කන්නෙ.

    • Ajith says:

      DD ඔබ හරියටම හරි කිව්වා. අපේ රටට මේ තරම්ම කෙලවිලා තියෙන්නෙත් මේ කාරණය නිසාමයි.

Main News