යාපනය ශ්‍රී නාග විහාර බුදුපිළිමයට ගල් ගහයි..

June 10, 2020 at 12:40 pm | lanka C news
යාපනය ශ්‍රී නාග විහාර බුදුපිළිමයට ගල් ගහයි..

යාපනය ආරියකුලම් මන්සන්ධියේ පිහිටි ශ්‍රී නාග විහාරයේ ඉදිකොට ඇති බුදුපිළිම වහන්සේ තැන්පත් කුටියට ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

අදාල ගල් ප්‍රහාරයෙන් බුදු පිළිම වහන්සේට හානියක් නොමැති අතර බුදුපිළිම වහන්සේ අවරණය සඳහා යොදා තිබූ විදුරුවෙන් කොටසක් කැඩී ගොස් ඇති බවට පොලීසිය පැවසීය.

අදාල ගල් ප්‍රහාරය එල්ල කල බවට සැක කෙරෙන යතුරුපැදියක් පිළිබඳව සී.සී.ටී.වී. දර්ශන මාර්ගයෙන් මේ වන විට පරික්ෂ ආරම්භ කොට ඇති අතර කිසියම් අන්තවාදී පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

මෙම ගල් ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ ශ්‍රී විමල මිහියන් පවසා සිටියේ ,

‘ඊයේ දිනයේ කිසියම් සිදුවීමක් වෙලා තියනවා මෙය කිසියම් අයෙක් යම් අන්තවාදී පටු අරමුනක් වෙනුවෙන් සිදුකරන ලද එකක් කියා සිතනවා නාග විහාරාධාපති වශයෙන් පවසන්නේ ජනතවට සියලු දෙනා ඒ වෙනුවෙන් කලබල විය යුතු නැහැ මෙතෙක් කල සිංහල, දෙමළ හා මුස්ලිම් වශයෙන් සහෝදරත්වයෙන් සිටියා සේ සිටිය යුතුයි මෙවැනි අඩු මානසිකත්වයක් ඇති පිරිස්වල ක්‍රියාවන් නිසා කලබල විය යුතු නැහැ.

‘මේ වන විටත් පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විසින් පරික්ෂණයක් සිදු කරනවා නමුත් අපි කනගාටු වෙනවා මේ වගේ මානසික මට්ටමේ අය අපේ සමාජය අතරත් සටීම ගැන මොකද බුදුදහම කියන්නේ සියලු ආගම් , ජාතීන් වෙනුවෙන් දයාව කරුණාව දක්වන නිසාවෙන්.

– වන්නි රොමේෂ් මධුෂංඛ

102 views

25 Comments to “යාපනය ශ්‍රී නාග විහාර බුදුපිළිමයට ගල් ගහයි..”

  1. sena says:

    .මේය දෙමළ වෙන්නත් පුලුවන් මුස්ලිම් වෙන්නත් පුලුවන් සිංහල වෙන්නත් පුලුවන් සොයාබලන්න

  2. lotus says:

    රටකට ඕනැ අපමණ අගයක්.

  3. Ayiab lahaw says:

    වඳිති පුදතිය
    යදිති ගයතිය….

    අඳය බිහිරිය
    ගොළුය නිසලය….

    තැනූ දෑතින්
    වැඳුම් ලබනට,
    එරෙහි අවියෙන්
    රැකුම් ලබනට,
    අන් පවින් බෝ
    ඉසුරු ලබනට,
    මැටි පිඩක් මිස
    සමත් කවුරුද….

  4. sumith says:

    If the Sinhalese does not start advance system to educate actual facts to Tamil general masses in the Noth East, uneducated masses in that area will follow opportunistic political parties-in the North. who handle by Tamil Nadu and other countries.