යාපනය ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ..- චීන තානාපති කොළඹ සිට ඉන්දියාවට කඩුව අදී…

January 13, 2022 at 2:10 pm | lanka C news
යාපනය ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ..- චීන තානාපති කොළඹ සිට ඉන්දියාවට කඩුව අදී…

යාපනය යනු ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි නගරයක් මිස එය වෙනත් කිසිදු රටක දකුණින් පිහිටි නගරයක් නොවන බව කොළඹ සිටින චීන තානාපතිවරයා සඳහන් කරයි.

මෑතක දී තමන් යාපනයේ සිදු කළ සංචාරය පසුපස කිසිදු සැඟවුණු න්‍යාය පත‍්‍රයක් නැති බවද ඒ මහතා පැවසීය.

කොළඹ චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී ජනමාධ්‍යවේදීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කිරීම තමන්ගේ යුතුකමක් බව පවසන තානාපතිවරයා කොරෝනා වසංගතය නිසා තමනට එම කටයුත්ත සිදු කළ නොහැකි වූ බවත් රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට බොහෝ කලක සිට සැලසුම් කර තිබූ බවත් ඔහු තව දුරටත් පවසා තිබේ.

45,553 views

26 Comments to “යාපනය ශ‍්‍රී ලංකාවේ උතුරේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ..- චීන තානාපති කොළඹ සිට ඉන්දියාවට කඩුව අදී…”

  1. Edimbaro says:

    අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව ඉන්නව චීනො, අපි අපේ දේවල් විසදගන්නම්. කහින්නෙ නැතුව පාඩුවෙ ඉන්න, අබ්‍යන්තර දේට ඇගිලිගහන්න එන්න එපා…

  2. Sri Lankan says:

    We are grateful for the support. But with due respect to them… this is unwanted involvement by the Chinese in a domestic matter …

  3. harsha says:

    චීන තානාපති උතුරට ගිහිල්ලා හැසිරුණේ උතුරේ ජනතාවට ඉන්දියාවට වඩා අපි උඹලාට හිතවත් කියන පණිවිඩය ලබාදෙන්න වගේ.

  4. හසිත says:

    චීන්නු අප්‍රිකානු මහද්වීපයේ රටවලට ඉතාමත් හොද යටිතල සම්පත් ඉතාම සද්භාවයෙන් යුතුව ලබාදී අත .යටින් බදින,පිහි චීනා සතුව නෙත.සුද්දා ගේ සූරා අනුභව කිරීම වෙනුවට චීනා වින් වින් ගනදෙනුසිදුකරයි චීන භීතිය මවන්නෙ බටහිර ඔත්තුකාරයන් විසිනි

  5. සිහ නද says:

    ලංකාවේ මිනිස්සුන්ට මොලයක් දුන මැනවි . අර ඉන්දියාව ඇමෙරිකාව කියන පරයින්ට ඕන ලංකාව පජාත වෙනවට . උන් එදා ඉඳලම කලේ කොටි පෝෂණය කිරීම තුලින් ලංකාව අන්ත අගාදයට අද දැමීම . ඉන්දියාව අසල්වැසි සියලු රටවල් අස්ථාවර කරනවා . චීනය එසේ කරඇති බවක් අසා තිබේද . ඇමෙරිකාව විසින් ඉරාකයට , ලිබියාවට , ඇෆ්ඝනිස්ථානයට පහරදී මිලියන ගණනක් මිනිස්සු මාරුව

    • harsha says:

      ක්‍රමවේදය වෙනස් වුණාට ඉන්දියාව අමෙරිකාව චීනය කියන රටවල් තුනේම අරමුණ එකයි.

  6. Buddhist says:

    Similarly, Taiwan is a separate country and not a part of China.

  7. Buddhist says:

    In that case, Taiwan is a separate sovereign country and not part of China.

  8. චන්ඩි කොල්ලා says:

    කටේ රත්තරන් පවුමක් දාන්න ඕන කතාවක් ඔබතුමා කියල තියෙන්නේ!

Leave a Comment

Main News