යාපනය සරසවියේ අමානුෂික නවක වදයට විරුද්දව කාන්තාවන් වට කර විරෝධතා..

February 11, 2020 at 5:30 pm | lanka C news
යාපනය සරසවියේ අමානුෂික නවක වදයට විරුද්දව කාන්තාවන් වට කර විරෝධතා..

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ ජ්‍යේෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට අමාණුෂික ලෙස නවක වදය ලබා දීමේ සිදුවීමට දැඩි ලෙස විරෝධය පාමින් අද (11) උදෑසන යාපනයේ කාන්තා සංවිධාන කිහිපයක් විසින් විරෝධතාවක නිරත වූහ.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර එයට යාපනයේ ක්‍රියාත්මක සිවිල් කාන්තා සංවිධානයන්හි සාමාජිකාවන් රැසක් සහභාගී වී සිටියහ.

විරෝධතාවයේ නිරත වූ කාන්තා සංවිධාන සාමාජිකයින් කියා සිටියේ,

‘ යාපනය සරසවියේ කලක සිටම මෙම නවක වදය ලබා දීමේ ක්‍රියා පටිපාටිය දැඩි අවධානම් තත්වයක පැවතියද බලධාරීන් කිසිදු පියවරක් නොගැනීම නිසා මේ වන විට යාපනය සරසවියට සුදුසුකම් ලබන නවක සිසු දරුවන් විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය හැරයාමට පටන් ගැනීම මහත් ඛේදවාචකයක් බවටය.

එමෙන්ම ඉතා දරුණු අමාණුෂික ලෙස නවක වදය දීමත් ලිංගික අඩන්තේට්ටම් වැනි නවක වදය ලබා දීම මගින් අධ්‍යාපනයහැදෑරීමට එන සිසු දරුවන්ගේ අනාගතයම විනාශ වී යන දැඩි අවධානම් තත්වයක් උදා වී ඇති හෙයින් පසුගියදා කිලිනොච්චිය මණ්ඩපයේ සිදුව ඇතයි පැවසෙන නවක වදය ලබාදීමේ සිද්ධියට සම්බන්ධ අයට වහාම නීතිය ක්‍රියාත්මක කරමින් දැඩි විනයානුකූල පියවරක් ගත යතු බවට විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසීය.

මේ අතර කිලිනොච්චිය මණ්ඩපයේ නවක වදය ලබා දුන් සිසුන් කිහිප දෙනෙකු මේ වන විටත් හඳුනාගෙන ඇති අතරම අදාල සිදුවීම සොයා බැලීමට යාපනය විශ්ව විද්‍යාලයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාව මගින්ද විශේෂ කමිටුවක් පත් කොට පරික්ෂණයක් අරඹා ඇති අතර වරදකාර සිසුන්ට දැඩි නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇති බවටද යාපනය විශ්වවිදයාල පරිපාලන අංශය දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,279 Viewers

6 Comments to “යාපනය සරසවියේ අමානුෂික නවක වදයට විරුද්දව කාන්තාවන් වට කර විරෝධතා..”

  1. දැඩි නීති නෙමේ වල් බල්ලන්ව එලවන්න විශ්වවිද්‍යාලයෙන්….

    • Susil says:

      Tamil culture has a great respect for women.
      We have mothers and daughters and we feel the anger when they have to undergo even the slightest abuse.
      This is a disgrace.
      Send the whole administration home and have an impartial inquiry.

  2. LION says:

    දෙමළ තරුණ තරුණියන්ට පිරපාකරන් බංකරවල කලෙත් මේ දේවල් තමා

  3. MD says:

    ADA NAWAKA WADAYATA WIRUDDAWA PARATA BASSATA PRABA OYALAGE DARUWO ARAGENA GIHIN TUWAKKU DEELA AHINSAKA SINHALA,DAMILA,MUSLIM DARUWAN,MINISSU ,HAMUDAWA PANPITIN MARALA PUCHCHANAKOTA OYALA MAHAWIRU PAWUL WUNA MATAKADA?

  4. Sun says:

    All these stupid things happening in Sri Lankan universities. I was in a university things were happening but not this much.All low mentality students are taking part in this activity saying that is socialisation. But their hearts are boiling from hatred and no sense of human lives. When they are in the university they think they are the big and bright people in the country and undermine the new comers. Need to introduce tough laws against such things. That is violation rights of new comers.

  5. Prabath Buddika says:

    Mewata sivil sanwidana idiriyata enna denna hondana ,Rajaya directly madihath wiyauthui.Eken ounge wishwasaya dinagatha haki.Sivil sanvidana mewage muwawen ounta ona widihata rata palanaya karannna yoda gannawa.

Main News