යාපනය සරසවියේ උත්සවාකාරයෙන් මහවිරු දිනය සමරයි…
November 27, 2018 at 4:40 pm | lanka C news
නොවැම්බර් 27 වනදාට යෙදී ඇති මහවිරු දිනයේ ප්‍රධානම සැමරුමක් වන යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම අද (27) දිනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සමරනු ලැබූහ.
යාපනය විශ්වවිද්‍යාලයේ පිහිටි යුද්දයේදී මිය ගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය අලංකාර කොට එම ස්මාර්කය අසලට විශ්ව විදයාලයේ සියලුම සිසු සිසුවියන් රැස්ව මිය ගිය මහවිරුවන් වෙනුවෙන් මල් තබා පහන් දල්වීම සිදු කරනු ලැබූහ.
මහවිරුවන් සැමරීමේ අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරුන් මෙන්ම අනද්‍යන කාර්ය මණ්ඩලයේද සහය ලැබුනු බවට යාපනය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය කියා සිටියේය.
කෙසේ වෙතත් යාපනය විශ්ව විද්‍යාලය තුල සිදු කෙරෙන මහවිරු සැමරුම් අවස්ථාවේදී කිසිදු අයුරකින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ධජයක් හෝ නිලඇඳුමක් මෙන්ම රුවක් යොදා නොගෙන සැමරුම සිදු කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් එස් .සදීස්කරන් මහතාගේ නියෝගය පිළිපදිමින් විශ්වවිද්‍යාල සිසුන් විසින් මහවිරු සැමරුම සිදු කරන අවස්ථාවේදී කිසිදු නීතිවිරෝධී සැමරුමක් සිදු නොකිරීමට පියවර ගත්හ.
එමෙන්ම යාපනය විශ්වවිද්‍යාලය තුල නීති විරෝදී අයුරින් මහවිරු සැමරුම් සිදු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට විශ්ව විද්‍යාලය අවට යාපනය පොලීසියෙන්ද ආරක්ෂාව යොදා තිබුණි
මේ අතර යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටද පලාත් සභා හටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් මහවිරු සැමරුමක් සමරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
The very name mahaveer stinks of ltte terrorists
හැට දෙලක්ශේට සතුටුයිද දැන්. මොන වැරද්ද තිබුනත් මහින්ද මහත්තයගේ අණ්ඩුව කාලෙ කොටි ඔහොම රැගුවෙ නෑ. මේ සමනල පාලනය නිසා දැන් කොටි එලිපිට පිනුම් ගහනවා. කොමේ යහපාලන කුක්කො? උත්තර දීපිය මේවට.
මීට බය්යෙක්
Awulak na mahinda agamathi ne.
Awlak nha Mahinda agamati ne 😀 aho ratata giya kalak
If this happened when Ranil was Prime minister, then how will Wimal, Udaya, Dinesh, Mahinda respond?
ඔය කාලකන්නි ටික තමයි නියම දේශද්‍රෝහියො
mooda kathaa kiyanna epaa meeharaken una paliyata. yakoo 7 wenida wenakal rate aanduwak tiyanawada?
මහවිරු දින නෙවෙයි බෝම්බ ගැහුවත් මොකෝ මහින්ද අගමැතිනෙ