යාපනය සරසවියේ කුලපති හා උපකුලපති පත්කර නෑ.. උපාධි ප්‍රධානොත්සවය පැවත්විය නොහැකියි..

September 14, 2019 at 2:07 am | lanka C news
යාපනය සරසවියේ කුලපති හා උපකුලපති පත්කර නෑ.. උපාධි ප්‍රධානොත්සවය පැවත්විය නොහැකියි..

යාපනය විශ්වවිද්‍යාලයට කුලපති හා උපකුලපති වරයෙකු ස්ථීරවම පත්කොට නොමැති නිසාවෙන් උපාධි ප්‍රධානොත්සවය පැවත්විය නොහැකි වීම ඇතුලු ගැටුලු කිහිපයක් හේතුවෙන් සිසුන් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව විසඳුම් ඉල්ලා යාපනය විශවවිද්‍යාලයේ ශිශෂ්‍ය සංගම් නියෝජිතයින් පිරිසක් පසුගියදා උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

ප්‍රධාන වශයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති හා උපකුලපතිවරයා තවමත් පත් කර නොමැති බැවින් උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විය නොහැකි බවත්  එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යයන කටයුතු නිම කළ සිසුන්ට රැකියා සහ උසස් අධ්‍යාපනය සදහා යොමු වීමට පවතින දුෂ්කරතාවන් වෙනුවෙන් පිළියම් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කර  විසඳුමක් ලබා දෙන ලෙස ශිෂ්‍ය සංගම් නියෝජිතයින්  ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඊට අමතරව විශ්ව විද්‍යාලය තුළ ස්ථිර වෛද්‍යවරුන් හෝ හෙදියන් නොමැති බැවින් යාපනය විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය පහසුකම් හිඟයක් පවතින බවත් සිසුන්ට සිදුවන රිය අනතුරු වලදී සිසුන් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බැවින් එයටද විසඳුමක් ලබා දෙන මෙන්  ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ඉල්ලා සිටියහ.

එහිදී කුලපති සහ උපකුලපති පත් කිරීම සහ උපාධි ප්‍රදානෝත්සවය  ප්‍රමාද වීම සම්බන්ධයෙන් හැකි ඉක්මණින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබා දෙන බවටත් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය සමස්ත උතුරු පළාතෙම පවතින බැවින් එයට ගත හැකි විසඳුම තීරණය කළ හැක්කේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව  බව උතුරු පලාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,919 Viewers
Main News