යාපනය සරසවියේ පැරණි සිසුවෙක් නවක සිසුවෙකුට රෝහල්ගත වෙන්න ගුටි අනී..

May 20, 2018 at 4:40 pm | lanka C news
යාපනය සරසවියේ පැරණි සිසුවෙක් නවක සිසුවෙකුට රෝහල්ගත වෙන්න ගුටි අනී..

යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිටි නවක සිසිවෙකුට කලා අංශයේ සිවුවන වසරේ සිසුවෙකු විසින් ඊයේ (20) රාත්‍රියේ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ නවක සිසුවා යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය සරසවියේ පූබාලසිංහම් නේවාසිකාගාරයේදී අදාල සිව්වන වසරේ සිසුවා විසින් නවක සිසුවෙකු වූ බදුල්ල ඔක්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි ටිලේස්වරන් කුගනේස්වරන් නැමති සිසුවාට නවක වදය ලබා දෙන මුවාවෙන් මෙම පහරදීම සිදු කොට ඇති බවට අනාවරනය වී ඇත.

එහිදී අදාල නවක සිසුවා වතුආශ්‍රිතව ජීවත්වන නිසාවෙන් සිවුවන වසරේ සිසුවෙකු නවක වදය ලබාදෙන මුවාවෙන් මුදල් ඉල්ලා ඇති අතර එහිදී මුදල් ලබා නොදීම නිසාවෙන් මෙම පහරදීම සිදුව ඇති බවටත් පහරදීමෙන් තුවාල ලැබූ නවක සිසුවා යාපනය මහරෝහලේ 24 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

කෙසේ වෙතත් අදාල පහරදීම සිදු කල සිසුවා සම්බන්ධයෙන් අද දිනයේදී පරික්ෂනයක් සිදු කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51 views
Main News