යාපනය සරසවියේ මහවිරු සැමරුම ඉහලින්ම සමරයි..

November 27, 2017 at 8:40 am | lanka C news
යාපනය සරසවියේ මහවිරු සැමරුම ඉහලින්ම සමරයි..

යාපනය සරසවියේ අදට (27) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් සිසු සිසුවියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවත්වීමට යාපනය විශ්වවිද්‍යාල මහශිෂ්‍ය සංගමය විසින් පියවර ගෙන ඇති බවට වාර්ථා වෙයි.

මේ වන විටත් යාපනය සරසවිය ඉදිරිපිට මහවිරු සැමරුම වෙනුවෙන් ඉදිකොට ඇති සමාර්කයක්ද කොඩි වැල් යොදාගනිමින් සරසා ඇති අයුරු දැකගන්නට ලැබුණි.

සෑම වසරකට යාපනය සරසවියේ මහවිරු සැමරුම් සිදු කරන අතර ඊයේ (26) දිනට යෙදී තිබුනු කොටි නායකයාගේ උපන්දිනයද යාපනය සරසවියේ ස්ථාන කිහිපයක හොර රහසේම සමරා තිබූ අතර සරසවියේ ස්ථාන කිහිපයකද ප්‍රභාකරණ්ගේ 63 වන උපන්දිනය නිමිත්තෙන් පෝස්ටර් අලවා තිබූ අයුරු දකින්නට ලැබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views
Main News