යාපනය සරසවියේ රැග් දෙන්න ගිහින් දෙපිරිසක් ගහගනියි.. තිදෙනෙක් රෝහලේ…

December 12, 2018 at 4:40 pm | lanka C news
යාපනය සරසවියේ රැග් දෙන්න ගිහින් දෙපිරිසක් ගහගනියි.. තිදෙනෙක් රෝහලේ…

යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිව්වන වසරේ සිංහල සිසුන් සහ දෙවන වසරේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ ඇති වූ ගැටුමකදී දෙවන වසරේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොටි ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය කන්දර්මඩම් ප්‍රදේශයේදී යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිව්වන වසරේ සිසුන් පිරිසක් විසින් දෙවන වසරේ සිසුන් පිරිසකට ඊයේ (11) රාත්‍රී 10 ට පමණ නවක වදය දීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් සිව්වන වසරේ සිසුන් විසින් දෙවන වසරේ සිසුන් වෙතට පහර දී ඇති බව වාර්ථාවෙයි.

එහිදී යාපනය රෝහලේ 24 වාට්ටුවට ඇතුලත් කොට ඇති 23 හැවිරිදි තුෂාර ඒකනායක, අතුකෝරල සහ සුරවීර යන අය විසින් පොලීසියට පවසා ඇත්තේ තමන්ට සිව්වන වසරේ සිසුන් විසින් පොලු මුගුරුවලින් පහරදුන් බවටත්ය.

මේ අනුව පහරකෑම ලක් වූ සිසුන් විසින් පහරදුන් සිසුන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවටද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාතමක කරන ලෙසටද පොලීසියෙන් ඉල්ලා ඇති අතර අදාල පහර දීම සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,598 Viewers

3 Comments to “යාපනය සරසවියේ රැග් දෙන්න ගිහින් දෙපිරිසක් ගහගනියි.. තිදෙනෙක් රෝහලේ…”

  1. Rommel says:

    Me rag karana ballanta kisima samavak denna honda ne.
    Munwa maruwath eka varadi ne.

  2. sunimal says:

    නවක වදය සිසුන් අතර ගෙනාවේ JVP කාරයෝ තව වෙනතෙක් මෙයට විරුද්දව JVP කතා කර නැත. මුන්ට ඔබගේ වටිනා චන්දය දීමෙන් වලකින්න

  3. Gihan says:

    ජවිපෙ දේශපාලන වශයෙන් අතුගා දැමීමට කාලය එලඹ ඇත.

Main News