යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් අත්අඩංගුවේ.. මුදා හරින්නැයි දෙමල සන්ධානයේ දැඩි බලපෑම්..

May 4, 2019 at 12:00 pm | lanka C news
යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් අත්අඩංගුවේ.. මුදා හරින්නැයි දෙමල සන්ධානයේ දැඩි බලපෑම්..

වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර කිහිපයක් ලඟ තබා ගැනීමේ චෝදනාව මත සැක පිට අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් මැයි මස 16 වනදා දක්වා රිමාණ්ඩ් කිරීමට ඊයේ (03) දින යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටියේය.

ඊයේ (03) දින යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ කලාපීඨය ඇතුළු පීඨ සහ නේවාසිකාගාරවල සිදුකළ සෝදිසියකදී මහා ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන කාර්යාලයේ තිබී මෙම එල්.ටී.ටී.ඊ නායකයාගේ රුව සහිත පෝස්ටර හමුවී ඇති අතර එහි එල්.ටී.ටී.ඊ ප‍්‍රධානියකු වූ ඇන්ටන් බාලසිංහම් නැමැත්තාගේ ද පෝස්ටර කිහිපයක් හමු විය.

මෙලෙස අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත වූවේ යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්. දිවාකරන් හා ශිෂ්‍ය සංගමයේ ලේකම් එස්. බදිල්රාජ් යන සිසුන්ය.

අදාල සිසුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කෙරුනු අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කිහිප දෙනෙකුද පොලීසියට පැමිණ සිසුන් නිදහස් කර ගැනීමට උතසහ දරා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,845 Viewers

5 Comments to “යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපති හා ලේකම් අත්අඩංගුවේ.. මුදා හරින්නැයි දෙමල සන්ධානයේ දැඩි බලපෑම්..”

  1. sakalabujan says:

    Natanna denna epa 1k ta wath…good job..arrest them….

  2. විස්කි මැඩම් says:

    ආණ්ඩුවේ ඇමතිලා ISIS ජිහාඩි ත්‍රස්තයන් නිදහස් කරන එකේ ඕක මොකද්ද?

    • cobra says:

      දෙමල සන්ධානයේ බලපෑම් කරන සියලුම දේශපාලකයන් වහාම අත්අඩංගුවට ගත යුතුයි .
      මේUNP ආණ්ඩුව නිසයි අද අපේ රටේ ත්‍රස්තවාදය නැවතත් ආරම්භ වී ඇත්තේ ..
      ජනපතිතුමෙනි ,පාට පක්ෂ ,ජාති බේද ඉවතලා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ සෑම දෙනාම අත්අඩංගුවට ගෙන නීතිමය දඩුවම් ලබා දෙන්න

  3. By stander says:

    It very clear to the people this ” achcharu ,poottu government would never be able curb any type of terrorism.They just want to retain power,at the expense of anything.

  4. Ariyathilaka says:

    ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අනුබල දීම හෝ ත්‍රස්තවාදී සංවිධානයක් පිළිබඳව ප්‍රචාරණයට, ප්‍රවර්ධනයට හෝ කුමන හෝ ආකාරයකට ක්‍රියා කළ පුද්ගලයන් සාධාරණ හේතු මත අත් අඩංගුවට ගත් විට ඔවුන් නිදහස් කරගැනීමට පොලීසියට, ආරක්ෂාක අංශ වලට යමෙක් අනීතිකව, දේශපාලන බලය, රාජ්‍ය බලය, නිල බලය, යොදා බලපෑම් කිරීම පිළිබඳව හදිසි නීති රෙගුලාසි යටතේ අත් අඩංගුවට ගත යුතුය. ප්‍රශ්න කිරීම් කළ යුතුය. පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් ඇමතිවරු මන්ත්‍රීවරු ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීමට විරුද්ධ වීම, සාධාරණ හේතු මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කර ගැනීමට උත්සාහ කිරීම, රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් නොවන්නේද? ඔවුන් මේ කරන්නේ අනියමින් ත්‍රස්තවාදය පෝෂණය කිරීමක් බව කිව යුතුය.

Main News