යාපනය සරසවියේ සියලුම විද්‍යා සිසුන් පංති වර්ජනයේ..

July 20, 2017 at 12:40 pm | lanka C news
යාපනය සරසවියේ සියලුම විද්‍යා සිසුන් පංති වර්ජනයේ..

යාපනය සරසවියේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සියලුම වසර වලට අයත් සිසු සිසුවියන් අද (20) දිනයේදී පංති වර්ජනයක නිරත වෙමින් සිටින්නේ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය විසින් සිසුන් 08 කට සිදු කල පංති තහනම ඉවත් කරගන්නා ලෙසට ඉල්ලමිනි.

පසුගිය ජුනි මස 19 වනදා යාපනය සරසවියට සරසවි වරම් ලබා පැමිණි නවක සිසු සිසුවියන්ට නවක වදය දී නවක සිසුන් දෙදෙනෙකුට පහර දීමක් හේතුවෙන් පහර කෑමට ලක් වූ සිසුන් දෙදෙනා රෝහල ගතවූ අතර පසුව ඒ සම්බන්ධයෙන් කෝපායි පොලීසියේ මැදිහත් වීමෙන් සමතයකට පත් වුනද අදාල සිදුවීම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල පාලන අධිකාරිය විසින් සිදු කරන ලද විනය පරික්ෂණයකින් පසුව යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා විසින් ජ1නි මස 27 වන දා අදාල පහර දීමට සම්බන්ධ සිසුන් 08 දෙනෙකුගේ පංති තහනම් කරන ලදි.

අදාල පංති තහනම් කිරීමට විරෝධය පාමින් ජුනි 28 වනදා සිට විද්‍යා අංශයේ එක සහ දෙක වසර වල සිසුන් පංති වර්ජනය කල අතර අද දිනයේදී එක,දෙක,තුන හා හතර යන වසර වලට අයත් සිසු සිසුවියන් 930 ක් පමණ දෙනා පංති වර්ජනය කරමින් කියා සිටින්නේ අදාල පංති තහනම් කරන ලද සිසුන් අට දෙනාගේ පංති තහනම ඉවත් කරගන්නා ලෙසට ඉල්ලා සිටිමිනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

92 views
Main News