යාපනය සරසවි ඉතිහාසයේ පළමු වතාවට මිය ගිය සිංහල ආරක්ෂක අංශ නිලධාරියෙකු වෙනුවෙන් දෙමළ සිසුන් පහන් දල්වයි…
July 25, 2017 at 11:20 am | lanka C news
යාපනය සරසවියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මිය ගිය සිංහල ආරක්ෂක අංශ සාමාජිකයෙකු පළමු වතාවට ගුණ සමරා ආත්මයට ශාන්ති පැමිණවීම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයද ප්‍රශංශාවට භාජනය වී ඇත.
යාපනය සරසවියේ මිය ගිය අය වෙනුවෙන් ඉදිකොට ඇති ස්මාර්කය අසලදී පළමු වතාවට මෙසේ මල් පහන් දල්වා යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයෙකු වශයෙන් සිටි වෙඩි ප්‍රහාරයකින් මිය ගිය හිටපු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ ආත්මයට ශාන්ති පැමිණවීම සිදු කර ඇත.
යාපනය සරසවියේ අදාල සැමරුම් අවසථාවට මුලින් 65 ක් පමණ සහභාගී වුවද පසුව 300 කට අධික දෙමළ සිසු සිසුවයන් සහභාගී වෙමින් මල් පූජා කරමින් පහන් දැල්වීම විශේෂ විය.
මේ අතර යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින්ද සඳහන් කොට ඇත්තේ ජාති ආගම් භේදයකින් තොරව තවත් පුද්ගලයෙකුගේ දිවි රැකීමට දිවිදුන් පොලිස් නිලධාරියා සැබෑ වීරයෙකු බවටත් අදාල වෙඩි ප්‍රහාරය හෙලා දකිමින් අදාල සැකකරු වහාම අත්අඩංගුවට ගත යුතු බවටත්ය.
මේ අතර යාපනය දමිළ සිසු සිසුවියන් මෙසේ සිහල ආරක්ෂක අංශ නිලධාරියෙකු වෙනුවෙන් මෙවැනි කටයුත්තක් පළමු වතාවට සිදු කිරීම සම්බන්ධයෙන් එම සිසුන්ට ප්‍රශංශා කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
THIS IS SANHIDIYAWA
සහජීවනය දැකලා ගෝත්‍රිකයන්ට රිදෙයි දැන්
මමත් ගෝත්‍රිකයෙක්. හැබැයි අර පොෂ් කියල හිතං ඉන්න මෝඩයෝ වගේ පොඩි පොඩි රගපෑම් වලට මමනං අහු නොවෙන එක ගැන මට ආඩම්බරයි. ඔය පොෂ් සංහිදියා මෝඩ රැල නියම ලනුවක් කාගෙන කාගෙන යනව පේනකොටත් ගෝත්‍රික අපිට දුකයි.
මේක TNA රගපෑමක් උතුරට පොලිස් බලතල ලබාගැනීමට
නියම ඔරිජිනල් සන්හිඳියාව …. ඇනිබල් අක්කා බලෙන් පටවන්න හදන දේශපාලන වාසි සන්හිඳියාව නෙවෙයි.
පොලිස් බලතල ලබාදෙන ලෙස රජයට බලපෑම් කරන්නේ “සංහිඳියාව” වෙනුවෙන් නොවේ. උතුරේ සිටින සිවාජිලිංගම් යනු ප්රභාකරන්ගේ මස්සිනායි. ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ශ්‍රීධරන් යනු යාපනය කොටි හමුදා නායකව සිටි තීපන්ගේa සමීපතම ඥාතියායි.
මොවුන් රඟ දක්වන රැඟුම්වල පසුබිමේ ඇති ක්‍රමවේදය තේරුම් ගැනීමට ක්‍රියා කළ යුතුව ඇත.
මේ පසුබිම මැද උතුරේ සිදුවන ක්‍රියාකාරකම් තේරුම් ගත හැකිය. අවි ආයුධ පුහුණුව ලත් කොටි 4000 ක් පුනරුත්ථාපනය වී නැතිනම් ඉදිරියේ පවතින්නේ අනතුරුදායක තත්ත්වයක් නොවේද?
යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ලංකා කම්කරු කොංග්‍රසය වතුකරයටද ඉඩම් හා පොලිස් බලතල ඉල්ලා ඇත. මේ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ ඉඩම් හා පොලිස් බලතල ලබාදීමේ යෝජනාවට තම කොංග්‍රසය සහාය දක්වන බවද පොලිස් බලතල ලබාදීම මත පළාත් පොලිසි අවශ්‍ය බවද හෙතෙම දන්වා ඇත.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටුව වෙත සුළු පක්ෂ හතරක් තම යෝජනා ඉදිරිපත් කර ඇත. මනෝ ගනේෂන්ගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊ. පී. ඩී. පී. සහ ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය යන පක්ෂ එලෙස යෝජනා ඉදිරිපත් කර තිබේ.
යමපාලනය
උතුරට කිරි අනෙක් පැතිවලට කැකිරිලු”
ඉලංචේලියන් විනිසුරැගේ හැඬිල්ල ගැන සංවේදී වීමට පෙර ඔහු කවුදැයි සොයා බලන්න.ඔහු විසින් කොටි සැක කරැවන් කී දෙනෙකු නිදහස් කර ඇති දැයි සොයන්න. යාපනය සරසවි සිසුන් පිටුපස ඉන්නේ කොටි හෙවනැලි බව ඔප්පු කරන්න නම් වැඩිය මහන්සි වෙන්න ඕන නැහැ. මේ පහන් සෙල්ලම ඇමරිකන් එම්බසියේ උපදෙසක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. සිහිබුද්ධියෙන් වටහා ගන්න!
Ballo hina unaama eelagata wenne mokakda kiyala danaganna molayak thiyenna uwamaai…..oya pahan wala eliya paawichchi karanne wena deyakata eliya ganna…..
This is another drama. Don’t trust these people. Trying to win the hearts of sinhalese.
I totally agree with Yasantha.