යාපනය සරසවි සිසුන් දෙපිරිසක ගැටුමක්.. තියුණු ආයුධවලින් කපයි.. දෙදෙනෙකු රෝහලේ..

June 25, 2018 at 12:40 pm | lanka C news
යාපනය සරසවි සිසුන් දෙපිරිසක ගැටුමක්.. තියුණු ආයුධවලින් කපයි.. දෙදෙනෙකු රෝහලේ..

යාපනය විශ්වවිද්‍යලයේ සිව් වන වසර කලමණාකරන පීඨයේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදී ගැනීමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

කලමණාකරන පීඨයේ සිව්වන වසර සිසුන් විසින් ඊයේ (24) දින නිවාඩු දිනයක් හේතුවෙන් ඔවුන් දෙපිලකට බෙදී එල්ලේ ක්‍රීඩාව සිදු කොට ඇති අතර එහිදී දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාම හේතුවෙන් පහරදී ගැනීමක් සිදු වී ඇති අතරම එක් සිසුවෙකුට පිහි ප්‍රහාරයක්ද එල්ල වී ඇති බවට කෝපායි පොලීසිය පැමිණිළි ලැබී ඇත.

පහරදී ගැනීමෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ රවිඳු දිල්ෂාන් තිලකරත්න වන අතර අනෙක් සිසුවා සුලලිත සඳරුවන් ජයසූරිය වන අතර ඔවුන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ 24 වන වාටුටුවේ ප්‍රතාකර ලබන අතර අදාල පහරදීම සම්බන්ධයෙන් කොපායි පොලීසියට ලැබුනු පැමිණිල්ලකට අනුව පහර දුන් පිරිස් සම්බන්ධයෙන් මේ වන විට කෝපායි පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37 views

7 Comments to “යාපනය සරසවි සිසුන් දෙපිරිසක ගැටුමක්.. තියුණු ආයුධවලින් කපයි.. දෙදෙනෙකු රෝහලේ..”

  1. Love nature says:

    ඌතුරේ පන්සල් නැති කමේ විපාක

    • Amda says:

      යකඩෝ එහෙට අඩිය තිබ්බ ගමන් හැම එකාම නිකන් කාලකන්නි ගෝත්‍රික මට්ටමට වැටෙනවානෙ

  2. prasad says:

    Ape gameth mach ekak welaawe kattiya gahagena 06 denek Hospital hitiya ,mee wagee web site walin maadya walin mehema uluppala kiwwe neee,,………

  3. ෂංඉඳියා says:

    OK OK ! මම බය උනා සංහිඳියා පාරක් ද කියල!

  4. Kings says:

    සිංහල තොපි තමයි හැමදාම බෙදිල මරා ගන්නෙ. අනිත් ජාතිකයො කවදාවත් ඔය විදියට බෙදෙන්නෙ නැහැ. අපේ රටේ ඡන්ද වලදිත් එහෙමයි. කැම්පස් වලදිත් ඒකමයි වෙන්නෙ. අපි සුළු ජාතිකයන්ට ගරහනව, වෛර කරනව නෙමෙයි. ඒ අයව ආදර්ශයට ගනිල්ල. මහ ජාතිය එකතුවෙලා ඉන්නවනම් කිසිදා වරදින්නෙ නැහැ. මහ ජාතියට වගේම අනෙක් සුලු ජාතීන්ටත් ඒක හොඳ දෙයක්. රටත් දියුනු වෙයි.

    • suresh says:

      මචන් මෙතැන් කියල නැහැ කවුද කදු ගෙනල්ල කැපුවේ කියල.කපපු උන් අනිවා දෙමල උන්

    • sinha le says:

      ලෝකයේ ඕනෑම රටක මෙය සුලුදෙයක් ගණන් ගන්න එපා