යාපනය සරසවි සිසුන් මුලතිව්හීදි බෝම්බ ප්‍රහාරයකින් මියගිය 61 දෙනා සැමරයි..

August 18, 2018 at 2:05 am | lanka C news
යාපනය සරසවි සිසුන් මුලතිව්හීදි බෝම්බ ප්‍රහාරයකින් මියගිය 61 දෙනා සැමරයි..

මුලතිව් පුදුකුඩිඉරිප්පු සෙංචෝලෙයි ළමා නිවාසයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය ළමුන් ඇතුලු 61 දෙනෙකුගේ 12 වසර සැමරුම යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සමරනු ලැබීය.

යාපනය විශ්ව විද්‍යාලයේ පිහිටි යුද්දයෙන් මිය ගිය අය සිහිකිරීම වෙනුවෙන් ඉදිකොට ඇති සමාර්කය අසලදී මිය ගිය වෙනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනය කොට මල් පහන් දැල්වීම සිදු කෙරුණි.

2006 වසරේ අගොස්තු මස 14 වනදා පුදුකුඩිඉරිප්පු සෙංචෝලෙ ළමා නිවාසයට යුද සමයේදී බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අතර එහිදී ළමා නිවාසයේ සිටි ළමුන් 54 දෙනෙකු, පාලකවරු 4 දෙනෙකු හා සෙවකයින් තිදෙනෙකු මිය ගොස් ඇත.

අදාල උත්සව අවස්ථාව සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට අමතරව විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,598 Viewers

One Comment to “යාපනය සරසවි සිසුන් මුලතිව්හීදි බෝම්බ ප්‍රහාරයකින් මියගිය 61 දෙනා සැමරයි..”

  1. John the baptice says:

    පිරපාකරන්ට කඩේ ගිහිල්ලා කර ගත්ත දේ

Main News