යාපනය සරසවි සිසු ගැටුමක්.. 11 දෙනෙකු රෝහල්ගත කෙරේ..

July 25, 2019 at 12:40 pm | lanka C news
යාපනය සරසවි සිසු ගැටුමක්.. 11 දෙනෙකු රෝහල්ගත කෙරේ..

යාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

ඉංජිනේරු පීඨයේ  ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර පළමුව බහින්බස්වීමක් සිදු වී ඇති අතර පසුව එය දුරදිග යාමෙන් සිසුන් දෙපාර්ශවය අතර පහරදීගැනීමක් සිදුවී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අනතුරුව සිසු ගැටුමෙන් තුවාල ලැබු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරනු ලැබීය.

කෙසේ වෙතත් පහරදීම හෝ පහර කෑ පාර්ශවයන්ගෙන් මෙතෙක් කිලිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී නොමැති අතරම අදාල ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවටද කිලිනොච්චිය පොලීසිය පවසයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලක සභාවේ නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී පැවසුවේ සිද්ධියක් වාර්තා වි ඇති අතර, අදාල සිසු ගැටුම සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,281 Viewers

One Comment to “යාපනය සරසවි සිසු ගැටුමක්.. 11 දෙනෙකු රෝහල්ගත කෙරේ..”

  1. sinha le says:

    සුබ නිවේදනයක් තවත් ඉදිරියට බලා පොරොත්තුවෙනවා

Main News