යාපනය ළිඳක තිබූ පාසල් දැරියගේ අවසන් කටයුතු සිදු වෙයි.. ගෙල සිර කොට ළිඳට දමා ඇතැයි හෙලි වෙයි.. 06ක් අත්අඩංගුවට..

June 27, 2018 at 5:30 pm | lanka C news
යාපනය ළිඳක තිබූ පාසල් දැරියගේ අවසන් කටයුතු සිදු වෙයි.. ගෙල සිර කොට ළිඳට දමා ඇතැයි හෙලි වෙයි.. 06ක් අත්අඩංගුවට..

යාපනය ප්‍රදේශයේදි ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු ඊයේ (26) සවස යාපනය සුලිපුරම් තිරුවේඩිනිලෙයි සුසානභූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

මිය ගිය 06 හැවිරිදි ශිවනේශ්වරන් රෙජීනා දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයෙන් හෙලි වූ අතර  අදාල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 06 දෙනෙකු වඩුක්කොඩ්ඩෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරිය පාසල් ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි 25 වනදා සවස සොයා ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සුළිපුරම් කාසුකුලම්හි ප්‍රදේශයේ පදිංචි සිවකුමාර් සදිස්කුමාර් නැමත්තා ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන ඇති බවටද වඩුක්කොඩෙයි පොලීසිය කියා සිටියේය.

අදාල සැකකරු හා මිය ගිය දැරියගේ පවුල් අතර කලක සිට ආරවුලක් පැවති අතරම ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ අයෙකු බවටද මේ වන විට අනාවරණය වී ඇති බවටද වඩුක්කොඩෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views

3 Comments to “යාපනය ළිඳක තිබූ පාසල් දැරියගේ අවසන් කටයුතු සිදු වෙයි.. ගෙල සිර කොට ළිඳට දමා ඇතැයි හෙලි වෙයි.. 06ක් අත්අඩංගුවට..”

  1. David Milli-banda says:

    Ara Wigneshwaran karayath ‘Ath adanguwata” aragenada ?

  2. Ashan Gamage says:

    දිවියාට ඉස්සුන අතපය මුන්ට එසවේද ?

  3. sunil says:

    The weakness is with the police and Gramasevaka in any area. Police are busy in giving security to so-called politicians.people have to find their own security.
    I am sure people must have complained to police. And also Gramasevaka and civil society also have a duty
    towards its people in the area.

    Sure this guy will get life imprisonment. But no evidence unless he is proved in DNA. It’s a tough case. But this beautiful smart girl should get the justice.

    Terrorism is on our door front. Prime Minister is busy in nool susthra to be in power. The whole country is going to dogs.

Main News