යාපනේදී පොලීසියේ දෙදෙනෙක් කපා කොටා තුවාල කර ඇත්තේ පොලීසිය ඉලක්ක කර නොවේ.. – පොලීසිය බාර ඇමති
October 26, 2016 at 2:10 pm | lanka C news
පසුගියදා යාපනය චුන්නාකම්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල සිදු කිරීම පොලීසිය ඉලක්ක කරමින් කරන ලද්දක් නොවන්නේ යයි ඇමති සාගල රත්නායක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා කියා සිටියේ චුනාක්කම්හි කඩහිමියකුට කිසියම් පිරිසක් කඩුවලින් පහරදීමට උත්සාහ කරද්දී එය වැලැක්වීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාටච පහරදී තුවාල කර ඇති බවයි.
එම ප්රහාරයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද ඔහු කියා සිටියේය.