යාපනේදී හමුදා වාහනයකට ගල් ගහයි…

December 15, 2021 at 3:00 pm | lanka C news
යාපනේදී හමුදා වාහනයකට ගල් ගහයි…

යාපනය නගරයේ ධාවනය වෙමින් තිබූ නාවික හමුදා කැබ් රථයකට ඊයේ (14) සවස එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

යාපනය නගරයේ තැපල් කාර්යාලය ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී නාවික හමුදා කැබ් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී එකවරම සැඟව සිටි අයෙකු විසින් ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති බවට වාර්ථා වෙයි.

අදාල ගල් ප්‍රහාරයෙන් නාවික නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතරම කැබ් රථයේ ඉදිරිපස් වීදුරුවට පමණක් හානි සිදුව ඇති බවටද අනාවරනය වෙයි.

අදාල ගල් ප්‍රහාරය එල්ල කර අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා ඇත්දැයි යන්න සොයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

36,609 views

3 Comments to “යාපනේදී හමුදා වාහනයකට ගල් ගහයි…”

  1. Saradiel says:

    “කැලය මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නොවේ”, යන්න සිංහල ව්‍යවහාරයේ එන යෙදුමකි.

    • කැළණි නයා says:

      මගුලක් කියනව බඩු මිල අහස උසට එහෙම දීලත් ගන්න බඩු නෑ සාගතේ අතලග හදිසියකට ඩොලරයක් නෑ හැම අතිම්ම කෙලවිලා ඉන්න මේ වෙලේ ගොඩ දාගෙන බයියො ටික තියා ගන්න තියෙන එකම ක්‍රමේ කොටියෙක් තම්බියෙක් පෙන්නල ලේ ටික රත් කරන එක තමා ආර්තිකේ ගොඩ ගන්න එකට ෆේල් උනාට මේ වගෙ නාට්ටි වලට නම් ඔස්තාර්ල

      • MD says:

        රට නෙමෙයි ඔයාල වගේ අය තමයි පිරිහිලා තියෙන්නේ.ලියන්න කියන්න හැකියාව තිබුණට ඔයා කමෙන්ට් කරන විධියෙන් පේනවා තේරෙනවා කොච්චර පිරිහුණු පුද්ගලයෙක් ද ඔබ කියලා.කනගාටුයි

Main News