යාපනේ ජාත්‍යන්තර ගුවන් තොටුපල මඩ ගොහොරක් වෙයි.. ජාත්‍යන්තර ගුවන් ගමන් එන මස සිට අරඹනවාලු..

October 23, 2019 at 8:40 am | lanka C news
යාපනේ ජාත්‍යන්තර ගුවන් තොටුපල මඩ ගොහොරක් වෙයි.. ජාත්‍යන්තර ගුවන් ගමන් එන මස සිට අරඹනවාලු..

පසුගිය ඔක්තෝම්බර් 17 වනදා ජත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් විවෘත වූ යාපනය පලාලි ගුවන්තොටුපල යාපනයට මේ දින වල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවට වාර්ථා වෙයි.

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පලාලි ගුවන්තොටුපලටද බලපා ඇති අතර නැවත පිලිසකර කරන ලද ගොඩනැගිලි පිහිටි ස්ථාන කිහිපයක් හා මාර්ගයේ ස්ථාන කිහිපයක් යටවී ඇත.

කෙසේ වෙතත් වර්ෂාවෙන් හෝ වැසි ජලයෙන් යටවීම හේතුවෙන් ධාවන පථයට හෝ ගුවන්තොටුපලේ කිසිදු ස්ථානයකට හානියක් සිදු වී නොමැති බවටත් වර්ෂාව පහව ගිය පසු වැසි ජලය අඩුවී සාමාන්‍ය අතට පත්වන බවට ගුවන්තොටුපලේ බලධාරීන් පවසා සිටියි.

පසුගිය 17දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර ගුවන් තොටුපළ විවෘත කිරීම සංකේතවත් කරමින් ඉන්දියන් එලායන්ස් ගුවන් සේවයට අයත් යානාවක්ද එදින පලාලි ගුවන්තොටුපල වෙත පැමිණියහ.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ඉන් රුපියල් මිලියන 1,950ක් ශ්‍රී ලංකා රජය අයෝජනයකර ඇති අතර ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක්ද ඒ සඳහා ආයෝජනය කොට ඇත.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට රජය විසින් සැලසුම් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30,931 Viewers

8 Comments to “යාපනේ ජාත්‍යන්තර ගුවන් තොටුපල මඩ ගොහොරක් වෙයි.. ජාත්‍යන්තර ගුවන් ගමන් එන මස සිට අරඹනවාලු..”

  1. දොන් ජුවන් රනිල් says:

    ඕකෙ වී වපුරල මත්තලට ගෙනිහින් ගබඩා කරන්නනෙ හැඩුවෙ. ප්ලේන් එකෙන්මයි ගෙනියන්නෙත්. කොහොමද ටිකිරි මොළේ.

  2. ගෝමස් says:

    සොබාධර්මෙත් මුන්ගේ ආණ්ඩුව එක්ක කෝචෝක් කරනවා නේ. හම්බ කට්ට පෑවිල්ල තියෙන තැනත් මේ චන්ද කටේ තියන් වැස්සනේ. 😀

  3. රටවැසි says:

    වැහි කාලෙට වරායක් දැම්මොත් කෝමද .

  4. sirimal says:

    රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, යටට අදින්නේ නැතිව රෑට ගෙවල් වලට පැනල සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?

  5. upul says:

    ඔය බොත්තමක් ඔබල වැඩ කරන එක R. ප්‍රේමදාසත් අන්දපු අවස්ථාවක් . ඉස්සර විවෘත කිරීමකට අවම ප්‍රේමදාස බොත්තමක් ඔබන කොට පිටිපස්සෙන් කෙනෙක් නුලක් ඇදල විවෘත කරනවා.ප්‍රේමදාසට හරි සතුටුයි . ලඟදි සිරිසේන නෙලුම් කුලුන විවෘත කරපු විදියත් දැක්කනේ. අර අන්දපු මෑන් සජිත්ට කිට්ටුවෙලා ඇති.

  6. Sun says:

    This is the planning of the people with low level of intelligence and thinking. People look in various directions before planning a project not by looking at one direction to minimise the loss.

  7. kiki says:

    වැසි ජලයෙන් යටවීම හේතුවෙන් ධාවන පථයට හෝ ගුවන්තොටුපලේ කිසිදු ස්ථානයකට හානියක් සිදු වී නොමැති

  8. Podu Jana Jayaaa says:

    Well planned for LTTE SEA PLANES and Puthano well following Piyano.

Main News