යාපනේ දැරියක් සමූහ දුෂණයට ලක් කෙරේ..
January 28, 2019 at 12:40 pm | lanka C news
යාපනය, ඉලවාලෙයි ප්රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පිරිසක් දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක්කල දෙදෙනෙකු හා උදව් කළ දෙදෙනෙකු ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බවට ඉලවාලෙයි පොලීසිය කියා සිටියේය.
යාපනය,ඉලවාලෙයි පත්තාවත්ත නමැති ප්රදේශයේ නිවසක් කොල්ලකා අදාළ නිවසේ සිටි 17 හැවිරිදි දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක්කළ සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාවක් සහ පුද්ගලයින් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉලවාලෙයි පොලිසිය පැවසූවේ නිවස කොල්ලකෑම හා දැරිය අපයෝජනය සිදුකිරීමට සෘජුව සම්බන්ධවි ඇති තරුණයින් වන යාපනය තෙල්ලිපලෙයි ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හා යාපනය ඒලාලෙයි ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවටත් නිවස කොල්ලකෑම වෙනුවෙන් උපකාර කළ බව කියන තවත් පුද්ගලයෙකු හා නිවස කොල්ලකා ලබාගත් රත්රන් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.
පොලීසිය පැවසූවේ සැකකරුවන් පසුගිය 19 වැනිදා නිවස කොල්ල කෑම හා දැරිය අපයෝජනය සිදු කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වෙත ලද තොරතුරක් මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රදවාගෙන ප්රශ්න කරන බවටද පරික්ෂණ සිදු කරන ඉලවාලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මෙලෙච්චේද ත්රස්තවාදියා පිරපාකරන් යුද්ධ කිරිමර පැහැර ගෙන ගිය දෙමළ පාසල් සිසුවියන් තරුණියන් යුද්දෙන් පසුව ආවේ ගැබිනියන් ලෙස ඕක LTTE ත්රස්තවාදීන්ගේ පුරුද්ද …..ඒ බව කොටි කාන්තාවන් පැහැදිලිව ප්රකාශ කර ඇත
දැන් උතුරේ ජාතිවාදී දෙමල දේශපාලකයන් නිසා LTTE ත්රස්තවාදීන්ට නැවත පණ ඇවිත් ….
මරණීය දණ්ඩනයෙන් දඩුවම් කරනු ! නමට පමණක් නොව සැබවින්ම මරණ දඩුවම දෙනු !!!
ප්රශ්නය සුළු ජාතික අපරාධකරුවන්ට මේ ආණ්ඩුව බලයට පත් වූ පසු නීතියෙන් දඩුවම් නොදීමයි …ඔවුන්ට ජනපති සමාව දෙයි ..මිනීමරු LTTE ත්ර්ස්තවාදීන්ට වගේ
Aparadakaruwan ella maranna. Sthree dushanayath dan merateth wasangathayak wela iwari. Ikmanin ellumgasa kiriyathmakirime neethiya gena ayuthui.