යාපනේ ධිවරයන්ට උතුරු මුහුදේදී ඉන්දීය යාත්‍රාවකින් ප්‍රහාරයක්…

October 7, 2021 at 8:40 am | lanka C news
යාපනේ ධිවරයන්ට උතුරු මුහුදේදී ඉන්දීය යාත්‍රාවකින් ප්‍රහාරයක්…

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් 05 රාත්‍රියේ මසුන් අල්ලමින් සිටි ධීවර යාත්‍රාවක් අනවසරයෙන් යාපනය මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් විසින් අනතුරට ලක් කොට පහරදී පලා යාමෙන් පසුව එම ධීවරයින්ගේ දිවි බේරාගත් බවට ගුරුනගර් ධීවර සංගමය පවසයි.

ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි ධීවරයින් තිදෙනෙකුගෙන් යුතු ධීවර යාත්‍රාවක්  ගුරුනගර් මුහුදු සීමාවේදී මසුන් අල්ලමින් සිටියදී අනවසරයෙන් ගුරුනගර් මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් විසින් යාපනය ධීවර යාත්‍රාවේ ගැටීමට සලස්වා එයට දැඩි ලෙසින් හානි කොට ධීවරයින්ටද පහරදී ධීවරයින් තිදෙනා මුහුදට දමා පලා ගොස් ඇත.

ඉන්දීය ධීවර යාත්‍රාව ගිය පසු මුහුදට පැන්න ධීවරයින් හානි වූ ධීවර යාත්‍රාවට ගොඩවී උදව් ඉල්ලා ඇති අතර පසුව ප්‍රදෙශයේ ධීවරයින් පිරිසක් විසින් එම ධීවරයින්ගේ දිවි බොරාගෙන 06  කාලයේදී ගුරුනගර් ධීවර ජැටිය වෙතට රැගෙන එනු ලැබීය.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව ගැටීම හේතුවෙන් ගුරුනගර් ධීවරයින්ගේ යාත්‍රාව සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතර ඉන්දීය ධීවරයින්ගේ පහරදීම් හා උතුරු ධීවරයින්ට පීඩා සිදුකිරීම වහාම නවතා දැමීමට බලධාරීන් කඩනම් පියවර ගන්නා ලෙසටද ගුරුනගර් ධීවර සංගම් වැඩිදුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,643 views

9 Comments to “යාපනේ ධිවරයන්ට උතුරු මුහුදේදී ඉන්දීය යාත්‍රාවකින් ප්‍රහාරයක්…”

  1. Jana says:

    I am sure his e. Mr Sumanthiran can resolve all these problems. So please inform Jaffna fishing community to contact Sumanthiran.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      Why sumanthiran ? He is neither the Minister of fishery nor the head of the state.

      • cobra says:

        ලංකාවේ සිටින දෙමළ දුම්කොළ වහල්ලුන්ට දකුණු ඉන්දියාවේ දෙමළ ධිවරයොත් කැමති නැහැ ..බලාපල්ලා දෙමළ සහජීවනය වාසියට තමයි වැඩ

  2. MD says:

    13 ඉල්ලන්න ඉන්දීය විදේශ ඇමති හමුවෙන්න යනවනම් මෙවැනි කරුණු වලට සුමන්තිරම්ලා විසදුම් හොයන්නේ ඡන්ද විමසීමක් තියෙනවනම් පමණද?

    • John the baptice says:

      උතුරේ දෙමෙල්ලු පලයව් 13 ඉල්ලාගනිව් තමිල් නාඩුවෙන් ….අපේ රටේ දේශපාලුවෝ තමයි උතුරේ ත්‍රස්තවාදී ජාතිවාදී දේශපාලුවන් ගේ පදේට නටන්නේ ඉන්දියාවේ ධිවරයොත් උතුරේ ත්‍රස්තවාදී මාලුකාරයන් ගහලා එලවනවා …

  3. Dial says:

    ඔන්න සහජිවනේ තමිල්නාන්දු සහෝදරයන්ගේ

    • sunimal says:

      ඉන්දියාවේ ධිවරයින්ට විරුද්ධව දැන් TNA ජිනීවා පලයව්

  4. Maha sinhale says:

    වතු දෙමලුන්ට නිවාස හදාදෙන්න යන්නෙත් මුන් තමා අපේ බූරුවෝ මුන්ට රැවටෙනවා

  5. සම්පත් says:

    ගොඩක් මිනිස්සු දන්නේ නැති උනාට, දෙමලුන්ගේ තමයි කුළවාදය උපරිමයටම තියෙන්නේ. උන් යාපනය දෙමළ, වතු දෙමළ කියලා බෙදිලා ඉන්නේ. යාපනය දෙමළ උන් කැමති නෑ වතු දෙමල්ලුන්ට, වතු දෙමලු කැමති නෑ යාපනය දෙමල්ලුන්ට. බ්‍රහ්මණයෝ කියලා තව ඉන්නවා. ඊට අමතර ලෙස තේවර්, වන්නියර්, කෝන්ගු වගේ තව කුළ තියෙනවා. මේ වගේ කුළ ගොඩක් තමිල් නාඩුවේ තියෙනවා. කුළ නිසා උන් උන් මරාගන්නවා ගොඩක්. මේ කුළ වාදය යාපනයේත් තියෙනවා. බ්‍රහ්මණයෝ බ්‍රහ්මණ නොවන උන්ට ගෙවල් දෙන්නෙත් නෑ. දේශපාළනය කරනකොට උන්ගේ කුලේ උන්ට තමයි ජන්දය දෙන්නේ. දෙමළා එකමුතුව ඉන්නවා කියන එක බොරුවක්. උන් එකමුතුවෙන් ඉන්නවා කියලා පේන්නේ සිංහල මිනිස්සු එක්ක තරගෙට දැම්මොත් විතරයි. උනුත් සිංහල මිනිස්සු වගේ කුලවලට බෙදිලා, දේශපාළනයට බෙදිලා මරාගන්න ජාතියක්. සුද්දා තමයි මේ හැම එකකින්ම වාසිගන්නේ.

Main News