යාපනේ යතුරුපැදි කල්ලි නොනැවතේ.. යලිත් කපා කොටා දමයි.. දෙදෙනෙක් රෝහලේ..

August 3, 2017 at 3:00 pm | lanka C news
යාපනේ යතුරුපැදි කල්ලි නොනැවතේ.. යලිත් කපා කොටා දමයි.. දෙදෙනෙක් රෝහලේ..

යාපනය චුන්නාකම් පොලිස් වසමේදී කන්කසන්තුරෙයි මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ නාදුනන යතුරු පැදි කණ්ඩායමක් විසින් තවත් තරුණයින් දෙදෙනෙකු තියුණු ආයුද වලින් කපා දමා පලා ගොස් ඇති අතර කැපුම් තුවාල ලත් දෙදෙනා රෝහල්ගතකොට ඇති බවට චුන්නකම් පොලිසිය කියා සිටියේය.

චුන්නාකම් පොලිස් වසමේ කෙ.කේ.එස්.මාර්ගයේ රොට්ටයාල්ලඩි මන්සන්ධියේදී ඊයේ (02) රාත්‍රි 11.30 ට පමණ තුවාල ලත් අදාල තරුණයින් දෙදෙනා ගමන් කොට ඇති අතර එම අවස්ථාවේදී එක වරම පැමිණි නාදුනන යතුරුපැදි කරුවන් කිහිප දෙනෙකු විසින් අදාල තරුණයින් දෙදෙනාට තියුණු ආයුධ විලින් පහර දී පලා ගොස් ඇත.

මෙසේ පහර කෑමෙන් තුවාල ලත් තරුණයින් දෙදෙනා යාපනය තෙලිප්පලෙයි පොලීසියට ඇතුලත් කොට ඇති අතර තුවාල ලබා ඇත්තේ සින්නරාසා ශ්‍රීකාන්ත් හා යෝගරාසා අනෝස් නැමති තරුණයින් දෙදෙනෙකි.

මෙසේ පහරදුන් කන්ඩායම හා පුද්ගලයෙකු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම සිදුවීමද ආවා කල්ලියේ ක්‍රියාවක් යැයි චුන්නාකම් පොලීසිය සැක පල කරන අතරම අදාල කණ්ඩායම් සොයා පුලුල් පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

151 views

3 Comments to “යාපනේ යතුරුපැදි කල්ලි නොනැවතේ.. යලිත් කපා කොටා දමයි.. දෙදෙනෙක් රෝහලේ..”

  1. silva says:

    aawa..kapuwaa ..giyaaa

  2. saman says:

    Den thamai ledeta behetha soyan thiyenne. Niyamai awa kalliya. ohoma yan diadporawata una genai. ledak hedunama mardanaya karanna behethak ona.

  3. අනාථ ජනයා says:

    වහාම ත්‍රස්තවාදීන් මර්දනයට පියවර ගන්න. නැතිනම් සෑම ජාතියකම ජනතාවට දුක්විදින්න වෙනවා. බොහොම අමාරුවෙන් විශාල කැපකිරීම් තුලින් දිනාගත් සාමකාමී දේශය නැවත අනතුරේ නොහලන්න. සියලු බේද දුරුකර සෑම අයෙක්ම මේ කාරනයෙහිදි වත් එකමුතුව කැඩකරන්න.

Main News