යාපනේ වෙරලට ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ගොඩගසයි..

June 16, 2021 at 2:28 am | lanka C news
යාපනේ වෙරලට ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ගොඩගසයි..

යාපනය, නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට දීවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිති.

රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් විසන් පෙන්වා දෙයි.

අදාල රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවෙ රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස උතුරු මුහුදු තීරයට දැමීමෙන් ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද ප්‍රදේශවාසී ජනතාව කටයුතු කර තිබෙනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,786 views

7 Comments to “යාපනේ වෙරලට ඉන්දීය රෝහල් අපද්‍රව්‍ය ගොඩගසයි..”

  1. Priyantha says:

    රටට කොරෝනා වෛරසය එන ප්‍රදාන මාර්ගය මුහුද හරහා සිදුවේ…ධීවරයන් හරහාද මෙය සිදුවේ…මේ බව රට කරවන අයට මා විසින් දැනුම් දී මාස තුනකි…නමුත් කිසිම අවධානයක් යොමු කර නැත…මෙවන් දේ වලින් ඒ බව තවත් තහවුරු වේ…ඔබලා විසින් ඉදිරිපත් කළ මේ වාර්තාව ඉතා වටිනා එකකි…ස්තූතියි..

  2. පොඩි රාජා says:

    චීන ඒවා නම් ඉතින් මොකද ? සුවදායි ජින් පින් , ඉන්දීයන් බඩු
    වානා …වානා

  3. නානා says:

    ආයිෂ් අප්පා , ඔන්න තව වන්දි ගන්න පොටක් පෑදුනා .

  4. අපේ රට says:

    දැන් කාටද ආඩම්බර,?

  5. දියසේ says:

    ඉන්දියාවෙන් එන හැම කුණූ ගොඩක්ම නවත්තන්න තියෙන හොදම කාලය මේක. රටේ හමුදාව දම්මලා උතුරේ දේශ සීමා වල ආරක්ශාව වැඩි කරන්න එක එක උප්ක්‍රම හොයන්න පුළුවන්. සිංගප්පූරුවට ඉන්දුනීසියාවෙන් එක මිනිහෙක් පීනගෙන ආවත් හොයා ගන්න පුලුවන් විදියට තාක්ෂණය දියුණුයි. අපේ රටේ ගොඩක් නායකයන් කියා ගන්නා උන්ට තියන ලොකුම ප්‍රශ්ණය පස්ස පැත්ත සීතලේ තියාගෙන වාහනයක් යන්නේ කොහොමද කිය​ලා මිසක් ඉදිරිය ගැන හිතන එක නෙමෙ​යි

  6. kamalesh says:

    Where is TNA who always go to South India for Advice?

Main News