යාපන ආරක්‍ෂක සේනා මූලස්ථානයට ගිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් නියෝජිතයින් දෙමල සන්ධාන නායකයෙක් හමුවෙයි.. හමුව මාධ්‍යට තහනම්..

August 22, 2018 at 12:40 pm | lanka C news
යාපන ආරක්‍ෂක සේනා මූලස්ථානයට ගිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් නියෝජිතයින් දෙමල සන්ධාන නායකයෙක් හමුවෙයි.. හමුව මාධ්‍යට තහනම්..

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් පිරිසක් හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (21) සවස යාපනයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්විණි.

මේ සාකච්ඡාව ආවරණය කිරීම පිණිස මාධ්‍යවේදීන් පිරිසක් අදාල හෝටලය වෙත ගොස් ඇතත් එම සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට යාමට හෝටලයේ ආරක්ෂක නිලධාරීන් අවසර ලබා දී නොමැත.

සාකච්ඡාවෙන් පසුව බ්‍රිතාන්‍ය නියෝජිතයින්ගෙන් මාධ්‍යවේදීන් තොරතුරු විමසා සිටියත් ඔවුන් කිසිවක්ප්‍රකාශ නොකොට හෝටලයෙන් පිටව ගොස් ඇත.

පසුව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යෙව්දීන් අදාල සාකච්ඡාව පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සමග උතුරේ දැනට පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡා කළ බවටයි.

අදාල බිතාන්‍ය නියෝජිත පිරිස පළමුව යාපනය ආරක්ෂඛ සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා හමුවී පැවති සාකච්ඡාවෙන් පසුව ටී.එන්.ඒ. නායකයා හමුවී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views

2 Comments to “යාපන ආරක්‍ෂක සේනා මූලස්ථානයට ගිය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් නියෝජිතයින් දෙමල සන්ධාන නායකයෙක් හමුවෙයි.. හමුව මාධ්‍යට තහනම්..”

  1. Nuwan says:

    දෙමළ සන්දානයට හොද අවවාදයක් දෙන්න ඇති.

  2. සීගිරි says:

    ලංකාව තවමත් පාලනය කරන්නේ කවුද කියන එක මේකෙන් හොඳටම පැහැදිලි වනවා….ලංකාවේ නියම පාලකයා වන බ්‍රිතාන්‍ය තම වහල් ශ්‍රී ලංකා යටත් විජිතය පාලනය කරන්නේ පාර්ලිමේන්තුව නම් අතරමැදි ආයතනය හරහායි.
    හිමිදිරි උදෑසනක මුලු ශ්‍රී ලාංකික ජාතියේම දවසේ මුල්ම වචන පෙල “Good Morning” බවට පත් කර පහත් අධ්‍යාත්මක් ඇති වහලුන් බවට පත් කරන්නට තරම් මේ අධිරාජ්‍ය බලය බල සම්පන්නය….ඒත් සීගිරි පර්වතය ඊටත් වඩා බල සම්පන්නය.

Main News