යාපන මුහුදේ බෝට්ටුවක් ගිනි තබයි..

April 16, 2019 at 2:02 am | lanka C news
යාපන මුහුදේ බෝට්ටුවක් ගිනි තබයි..

යාපනය, පේදුරුතුඩුව, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ වෙරළේ තිබු බෝට්ටුවක් ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පේදුරුතුඩුව පොලීසිය පවසයි.

වඩමාරච්චි වෙරළේ නවතා තිබු බෝට්ටුවක් පසුගිය 13 වනදා සවස කිසියම් තැනැත්තෙකු විසින් ගිනි තබා ඇති බවට ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් සිදු කරන ලද සෝදිසියකදී සැකපිට අයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අදාල ගිනි තැබීම හේතුවෙන් බෝට්ටුව සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී ඇති අතර, ප්‍රදේශයේ ධීවරයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පේදුරු තුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන පේදුරුතුඩුව පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,995 Viewers
Main News