යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

January 11, 2021 at 12:03 am | lanka C news
යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාර් කය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ ජ්‍යේෂ්ඨ සභාපති මහාචාර් ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කොට ඇත.

එහිදී අදාල පැහැදිලි කිරීමට අනුව මහාචාර් ය සම්පත් අමරතුංග මහතා පැහැදිලි කොට ඇත්තේ,

‘යාපනය විශ්වවිද්‍යාලයේ 2018 ආසන්න වසරකදී යුද්දය පාදක කරගෙන විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් විසින් යම්කිසි ස්මාර් කයක් විශ්වවිද්‍යාලය තුල ගොඩනැගීමට උත්සහ කරනු ලැබුවා. එත් එක්කම ඒ ස්මාර් කය කලින් කලට දියුණු කරමින් පැමිණ ආ බවක් දමයි දැනගැනීමට තිබෙන්නේ.නමුත් ඇත්ත වශයෙන්ම කියනවානම් එය උතුර හා දකුණ සමගියට බාධාවක් විය හැකියි. යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මහාචාර් ය ශ්‍රී ස්ද්ගුණරාජා මහතා අද ලංකාවේ සිටින අතිවිශිෂ්ඨ විද්‍යාඥයෙක් ඒත් එක්කම අතිශය දක්ෂ පරිපාලකයෙක්.මෑත කාලයේ මාදුටු දක්ෂතම උපකුලපතිවරයෙක්. ඒ නිසා එතුමා තීරණයකට එලඹෙනවා. ඒ ස්මාර් කය අද දවසට හෙට දවසට නොගැලපෙන නිසා එය යාපනය විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට.

දැනට විශ්වවිද්‍යාල පද්දතියේ අධ්‍යාපනය හදාරන දරුවො යුද්දය අවසාන කරන අදියරේදී වයස අවුරුදු 09, 10, 11 වැනි වයස්වල සිටි අපේ දරුවෝ. දෙමළ, සිංහල හෝ මුස්ලිම්  කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ශ්‍රීලාංකික අපේ දරුවෝ. ඒ නිසා අද කියන්න සතුටුයි යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල දරුවන් 1500 ක් පමණ අධ්‍යාපනය හදාරනවා ඒත් එක්කම දකුණේ විශ්වවිද්‍යාලවල සෑම විශ්වවිද්‍යාලයකම අවම වශයෙන් 600 ක් 700 ක් දමිළ දරුවන්. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණෙන දමිළ දරුවන් අධ්‍යාපනය හදාරනවා. අපට තිබෙන වැදගත්ම දේ තමයි මේ දරුවන් අතර ප්‍රශ්න නැහැ.

ඒ නිසා අපිට පෙර තිබුණු ඒ අත්දැකීම් ඉදිරියේදී දකින්නට නොලැබෙයි කියන එකට අපිට ඇති එකම සාධකය තමයි මේ දරුවන් අතර තිබෙන සමගිය සමාදානය. ඔවුන් ඉන්නේ සාමාන්‍ය පොදු නේවාසිකාගාරවල ඔවුන් සහභාගී වන්නේ පොදු දේශන සඳහා. ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු වැනි සියල්ලක්ම සිදුවන්නේ පොදුවේ මේ දක්වා කිසිම ගැටලුවක් මේ විශ්වවිද්‍යාල තුල සිදු නොවීමට වගබලාගෙන තිබීම සම්බන්ධයෙන් අපි රටක් ජාතියක් වශයෙන් ඇත්තෙන්ම වාසනාවන්තයි.යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා තීරණයක් ගෙන මෙම ස්මාර් කය යාපනය විශ්වවිද්‍යාලයෙන් ඊයේ රාත්‍රියේ ඉවත් කරනවා මා සිතන පරිදි එය ඉතාමත්ම කාලෝචිතයි. අපට අවශ්‍ය වන්නේ යුද්දයේ ස්මාර් ක නොව සාමයේ ස්මාර් කයි. ඒ වෙනුවෙන් අපශ්‍ය කටයුතු අප අපේ දරුවන් සිදුකල යුතුයි. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

67,896 views

10 Comments to “යාපන සරසවියේ කොටි ස්මාරක කඩා දැමීමේ වගකීම රජය බාරගනී.. හේතුව මෙන්න..”

  1. 🙏👁🙏👁🙏👁🙏👁 says:

    බැරිද ඔය දෙයම කරන්න… අර..
    හිස්බුල්ලාගේ නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලයටත්..!
    ඒ වටේ තියෙන ඔක්කොම තල්ගස් ගලවලා …
    ලස්සනට අරලිය ගස් ටිකක් හිටවලා…!

    • බයියා says:

      මේවා ඉදි කරද්දීම නවත්තන්න තිබුණ දේවල්. ගොං ටොයියො දැන් අරක වෙනුවට මේක කරපං කිය කිය වැලලුනාට මේ වගේ ස්මාරක , ෂරියා තිප්පොලවල් එහෙම හැදුවේ ඒ කාලෙ කියල උන්ගෙ හිරි වැටුන මොලේට තේරෙන්නෙ නෑ. උන් දැන් කියන්නෙ මේවා ප්‍රමුඛතා නෙවෙයිලු. අල ලූණු අඩු කරලා කාල මලපහ කරන්න අවස්ථාව ඕනෙලු. මේ වගේ ඒවා හදන කාලෙ ගොං ටොයියන්ගෙයි කුහක ජෙප්න්ගෙයි ප්‍රමුඛතා වුනේ ලොල්ලොන්ට කසාද බඳින්න අවස්ථාව හදල දෙන්න නීති හදනව වගේ ඒවා.

  2. Sky says:

    Great Decision… No need for LTTE terrorist monuments in our Motherland …LTTE terrorist action should be banned…Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint.

    • choon pan says:

      Unwanted action. now give them a reason to start another insurrection. this is what gootabaya wants too. because he knows only war. when going gets tough he will runaway back to US. he is thoroughly incapable of building better Sri Lanka. within next 4 years he will send sri lanka back to cave era.

  3. වයි දිස් කොලවෙරි says:

    ජාතිවාදය පතුරුවන්න කුළුන යොදා ගත්තා. කුලුන ගැලෙවුවා.
    හැබැයි කුලුන ගලවන්න හේතුව කියන්න ප්‍රමාද වෙච්ච නිසා ඒ අතරතුර කාලයත් ජාතිවාදය පතුරුවන්න යොදා ගත්තා.

  4. LION says:

    LTTE Terrorism is a significant threat to peace and security, prosperity and people.
    If you want to end terrorism, North tamil politicians have to stop being terrorists .
    BAN TNA TERRORIST PARTY SOON AS POSSIBLE …

  5. Daham says:

    Present UFC chairman is a ardent sucker of the government nad hence he approves whatever government says.

  6. පැරෑලිය says:

    සුනාමියෙන් ඇඹරීගිය පැරෑලියේ දුම්රිය මාර්ගය එතන තිබ්බානම් කෝටි ගාණක් සංචාරකයන්ගෙන් හොයා ගන්න තිබ්බ.

  7. CNW PATHIRANA says:

    Tamils can celebrate the war and LTTE if they wish within their private premises.Even JVP is having such celebrations (But after the ban is over) But University is a public place and these monuments specially without approval never can be allowed. Then why not have a monument from the Army also there ? Then why not have such monuments in other universities in south ? No need . So these educated kids should show some maturity.

  8. Nandana Pathirana says:

    I though Jaffna University Students are much grown up and matured crowd than others. But this does not look so..

Leave a Comment

Main News