යාපන සරසවියේ වවුනියා මණ්ඩපය වසා දැමේ..

December 16, 2017 at 5:53 pm | lanka C news
යාපන සරසවියේ වවුනියා මණ්ඩපය වසා දැමේ..

ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහා යාපන සරසවියේ වව්නියාව මණ්ඩපය වසා දමන බව එහි උපකුලපතිවරයා නිවේදනය කරයි.

කොටි මහවිරු සමරුව එම මණ්ඩපයේ සිසුන් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් මස 26 දා සැමරූ අවස්ථාවේදී සිංහල හා දෙමළ සිසුන් අතර ඇති වූ ගැටුමක් නිසා නොවැම්බර් 27 වෙනිදා වසා දැමුණු මෙම මණ්ඩපය යළි විවෘත කලේ මෙම දෙසැම්බර් මස 13 දායි.

ජනවාරි 02 වැනිදා වවුනියා මණ්ඩපයේ විභාග කටයුතු ආරම්භ වන අතර එදින දක්වාම සරසවිය වසා දමා ගොඩනැගිලි කීපයක ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

143 views

2 Comments to “යාපන සරසවියේ වවුනියා මණ්ඩපය වසා දැමේ..”

  1. sinha le says:

    යාපනය නාග දීපය නමින් වෙනස් කල යුතුය

    ඈත අතීතයේ සිට වෙනත් ප්‍රදේශවල මෙන්ම යාපනයේද සිටියේ සිංහලයෝය. ඔවුන්ගේ පාලකයෝ සිංහලයෝය. ඔවුන් කතා කළ, ලියූ බස සිංහලය. වසභ රාජ්‍ය සමයට අයත් වල්ලිපුරම් රන්පත් ලිපිය IV වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් කදුරුගොඩ අත්තානි කණුව V වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් තුනුකායි අත්තානි කණුව යන සෙල්ලිපිවලින් ඒ බව ප්‍ර‍කාශවේ. වසභ මහරජ කාලයට අයත් රන්පත් ලිපියෙන් යාපනයේ පැරණි නම නාගදීපය බව පැහැදිලිවෙයි

  2. love nature says:

    නාගදීප සෑ රජාණන් වහන්සේ සොළොස් මහා පූජ්‍යස්ථාන අතරින් එක් පින්බිමකි. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී පාද පහසින් පිවිතුරු බවට පත් නාගදීප නාමය අතීතයේ දී මුළු යාපනය අර්ධද්වීපය ම හැඳින්වීමට භාවිතා කර ඇත. දෙවැනි ශතවර්ෂයේදී යාපනයේ පැවති භාෂාව සිංහල බවත්, අනුරාධපුර රජුගේ ඇමතියෙකු විසින් යාපනය පාලකය කළ බවත්, බෞද්ධ වෙහෙර විහාර හා සිද්ධස්ථාන එහි ගොඩනගන ලද බවත්, වල්ලිපුරම් හී තිබී හමු වූ රන්පතින් පුරා විද්‍යාඥයන්ට හෙළිදරව් වී තිබේ. නාගදීපය නමින් හැ`දින්වෙන පුණ්‍ය භූමිය අතීතයේ දී හෙළ බොදුනුවන්ගේ වැදගත් ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයකි. පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපනය අර්ධද්වීපය ම බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවට කොතෙකුත් සාධක ඇත.

Main News