යාපන සරසවි නවකවද යුද්දය තවත් මෝරයි.. සිසුවන්ගේ ගෙදර පැන පහර දෙයි.. දේපලත් කුඩු..

February 12, 2020 at 4:40 pm | lanka C news
යාපන සරසවි නවකවද යුද්දය තවත් මෝරයි.. සිසුවන්ගේ ගෙදර පැන පහර දෙයි.. දේපලත් කුඩු..

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු පදිංචිව සිටින යාපනය මාණිප්පායි ප්‍රදේශයේ පිහිටි නිවසකට හා වාහන වලට  ඊයේ (11) රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් පහර දී ඇති බවට මාණිප්පායි පොලීසිය පවසයි.

ප්‍රහාරය එල්ල වී ඇති නිවසේ පදිංචිව සිටින සරසවි සිසුවා යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටියදී නවක සිසුන්ට අමාණුෂික නවක වදය දීමේ සිද්ධියට සම්බන්ධ වීම හේතුවෙන් පංති තහනමකට ලක් වූ අයෙකු බවටද පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පිරිස් විසින් නිවෙස් ඉදිරිපිටට පැමිණ අදාල සිසුවාට එලියට පැමිණෙන ලෙසට විධානය කොට ඇති අතර සිසුවා නොපැමිණීම හේතුවෙන් නිවෙස්හි බඩුබාහිරාදියට මෙන්ම කාර් රථයකටද දැඩි හානි කොට පලා ගිය බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට නවක වදය ලබාදීමට එරෙහිව මෙම ප්‍රහාරය සිදු කොට ඇති බවට පරික්ෂණ සිදු කරන මාණිප්පායි පොලීසිය සැක පල කර සිටියි.

පහරදීම සිදුකල පිරිස් මෙතෙක් අනාවරනය වී නොමැති අතර අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා ආධාරයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවට මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31,054 Viewers

11 Comments to “යාපන සරසවි නවකවද යුද්දය තවත් මෝරයි.. සිසුවන්ගේ ගෙදර පැන පහර දෙයි.. දේපලත් කුඩු..”

  1. saman says:

    Niyamayi

    • 'කැන්ගරු' නවක වදය says:

      ලංකාවේ කැම්පස් එකේ නවක වදය හැම අවුරුද්දෙම උපරිමයට දීලා සතුටු වෙච්ච ඔලුව උදුම්මව ගත්ත කොල්ලෙක් ඔස්ට්‍රේලියා කැම්පස් එකක ඉගෙන ගන්න ගිහිල්ලා ඒ දෙයම හඳුන්වාදීමක් හැටියට කරන්න හදලා … නවක සිසුන්ට.. මැට්ටා හිතුවේ තාත්තගෙ ලොකුකම ඒ රටෙත් පිලිගන්නවා කියල..!
      ටැමිල් පොරක්ගෙ දුවට හා එයාගෙ යාලුවන්ට ඒවා මේ ලංකාවේ කලා වගේ කරන්න හදලා තියෙන්නේ! දුව ගෙදර ගිහිල්ලා තාත්තට කියලා… ඌට මහ රෑ අතපය හිරිවැටෙන්න දෙමල කොල්ලෝ ටිකක් නෙලලා… ලංකාවේ වගේ පිනට බෙහෙත් ඔස්ට්‍රේලියාවල ඉස්පිරිතාලෙට ගියොත් දෙන්නේ නැහැ… ගෙවන්න ඕනි… ඒ නිසා සනීපවෙනකම් ලංකාවට ඇවිල්ලා හිටියේ…
      ඌට අමතක නොවන පාඩම ‘කැන්ගරුව’ කියල දුන්නා… නලලේ මැහුම් දෙකක් දාන්නම..!

      මේක කියවනකොට මට ඒ සිද්ධිය මතකයට ආවේ…

    • Public says:

      Good Move, Police please keep away from this Rag Leader, Let the public teach these scoundrels a lesson.

  2. test says:

    අන්තරේ ඉන්න (1/4)කාල් මාක්ස් හැතිකරේ පුලුවන් නම් මේ කේස් එකට යාපනේ ගිහින් පාරවල් වහගෙන උද්ගෝශන කරල පෙන්නපන්… තොපිට සහෝදර දෙමල ජනතාව මේන් කියල සලකල පෙන්නයි…

    කොයික වෙතත් මෙතන්දි අපිට දෙමලගෙන් උනත් දෙයක් ඉගනගන්න පුලුවන්.. උන්ගෙ ලමයිගෙ ඉගෙනීම කාල කන්නි කරන්න හදන මේ පාදඩ සිස්ස සන්ගම් පාලුවන්ට ගමෙත් ඉන්න බැරිවෙන්න නෙලන්න උන් පසුබට වෙන්නෙ නෑ.. ඒකට අපේ උන්… ගෙදරට ඇවිත් නවක වදෙ දුන්නත් කට පුක වහගෙන ගමම බලන් ඉන්දිවි

  3. නයා says:

    යාපනේ මිනිස්සු ආවේගශීලි වීම එතනදීනම් වරදක් නෙවෙයි.
    අපි ඔය ප්‍රශ්නය ඉදිරියේදී අවේගශීලී නොවීම ලොකු ප්‍රශ්නයක්.

    • Amda says:

      ආවේගශීලි වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි…දූරදර්ශී වීම ඊට වඩා නුවණක්කාරයි 🤣🤣

  4. sara says:

    Great.Should abolish this stupidity.

  5. Love nature says:

    මිනීමරු පිරපාකරන්ගේ අවතාරය නැවත යාපනේ සැරිසරනවා වගෙයි

  6. LION says:

    මේක දෙමළ වෙල්ලාල සහා දෙමළ අඩුකුලේ අයගේ සටනක් ලු

  7. Uththamaya says:

    Follow this in all universities in the south