යාපාගේ කාමර හයක් කබීර් අල්ලාගෙන… මල පැන්න ලක්‍ෂමන් යාපා ඇමතිකමේ වැඩ බාර නොගන යන්න යයි..

June 1, 2017 at 10:42 pm | lanka C news
යාපාගේ කාමර හයක් කබීර් අල්ලාගෙන… මල පැන්න ලක්‍ෂමන් යාපා ඇමතිකමේ වැඩ බාර නොගන යන්න යයි..

මෑතකදී සිදු තල නියෝජ්‍ය හා රාජ්‍ය ඇමහති සංශෝධනයේදී ලක්‍ෂමන් යාපා අබේවර්දන මහතා දිවුරුම් දුන් රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ඇමති ධුරයේ වැඩ බාර ගැනීම සදහා අද (01) දිනයේ අමාත්‍යංශයට ගියද ඔහු අද දිනයේ විරෝධය පා වැඩ බාර නොගෙන ආපසු ගොස් තිබේ.

මීට හේතුව වී ඇත්තේ ඇමති කබීර් හෂීම්ගේ කාර්ය මණ්ඩලයේ පිරිස් විසින් නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවෙන් කලින් වෙන් කර තිබූ කාමර හයක් අත්පත් කර ගැනීමයි.

ඊයේ (31) දිනයේ එහි රාජ්‍ය ඇමති එරාන් වික‍්‍රමරත්න කාමර දහයක් බාර දී ඇතත් අද දිනයේ ලක්‍ෂමන් යාපාට බාර දී ඇත්තේ කාමර හතරකි.

මේ ගැන දැඩිව උරණ වී ඇති වු රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා මහතා වැඩ බාර නොගෙන යන්නට ගොස් ඇත.

109 views
Main News