යාල් දේවියේ ගැටී දැවන්ත වන අලියෙකු මිය යයි..

July 20, 2019 at 4:40 pm | lanka C news
යාල් දේවියේ ගැටී දැවන්ත වන අලියෙකු මිය යයි..

උතුරු දුම්රිය මාර්ගයේ පුලියන්කුලම් රාමනූර් ප්‍රදේශයේදී දුම්රියකට වැදීමෙන් අද (20) අළුයම වන අලියෙකු මිය ගොස් ඇති බවට වව්නියාව වනජීවි කාර්යාලය පවසයි.

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් යාල් දේවි දුම්රියේ වැදීමෙන් මෙම වන අලියා මිය ගොස් ඇති අතර දුම්රියේ ගැටීමෙන් අවුරුදු 25 ක් පමණ වයසැති අඩි 08 ක් පමණ උසින් යුත් වන අලියෙකු මිය ගොස් ඇති බවටද වව්නියාව වනජීවි නිලධාරීන් පවසති.

මෙම ස්ථානයේ මීට පෙරද අවස්ථා දෙකකදී ගවයින් දුම්රියේ වැදීම හේතුවෙන් 18 දෙනෙකු මිය ගොස් ඇතත් දුම්රිය බලධාරීන් අදාල ස්ථානයේ ආරක්ෂිත පියවරක් නොගැනීම හේතුවෙන් අනතුරු නොනවත්වා සිදුවන බවටද ප්‍රදේශවාසීන් පවසති.

මිය ගිය වන අලියාගේ අවසන් කටයුතු අද සවස සිදු කිරීමට වව්නියාව වනජීවි නිලධාරීන් පයවර ගෙන ඇත.

8,087 Viewers

2 Comments to “යාල් දේවියේ ගැටී දැවන්ත වන අලියෙකු මිය යයි..”

  1. Love nature says:

    සක්කිලි දෙමෙල්ලු වවුනියාවේ පදිංචි කරපු දවසේ සිට අලි විතරක් නොවේ සෑම සතෙකුටම අවාසනාවන්ත ලෙස අකාලයේ මියයෑමට සිදුවී ඇත ..මේ මිනිස්සු දුම්රිය එන විට අලින් බයකර පලවාහරියි ..එසේ බයවී දුවන විට දුම්රියේ ගැටේ …ඒ ගැන කරුණාකර සොයා බලන්න වනජීවී නිලධාරින් යොදවන්න

    • අලුගෝසුවා says:

      යකෝ ඡාතිවාදී අදහස් නැතිකරගෙන මනුස්සයෙක් වෙන්න වගක් බලපං, දෙමල මිනිස්සු සක්කිලියො නම් උඹත් පක්කලියෙක් වෙන්න ඕනෑ ඉතිහසය හරියට දන්නේ නැත්නම් ඉගෙන ගනින්

Main News