යාල දල ඇතෙක් වෙඩි තබා මරයි.. දල හා වලිගය කපාගෙන ගිහින්..

August 16, 2021 at 8:02 am | lanka C news
යාල දල ඇතෙක් වෙඩි තබා මරයි.. දල හා වලිගය කපාගෙන ගිහින්..

දල ඇතෙකු ඝාතනය කර එම සත්වයාගේ දළ යුගල සහ වලිගය කපාගෙන ගොස් නැතැයි යාල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

දදින කිහිපයකට පෙර මෙම ඇතා ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමක් මගිනි.

යාල අභය භූමියට අයත් බොහෝ ගෝනගම්වැව ගම්මානයේ සමෘද්දි වැව අසල මිය ගිය ඇතාගේ මළ සිරුර ඇත.

14,250 views

9 Comments to “යාල දල ඇතෙක් වෙඩි තබා මරයි.. දල හා වලිගය කපාගෙන ගිහින්..”

  1. chamil says:

    Mewa karana unta koro a hadenne nahane

  2. ක්‍රිමිනල් says:

    ඇත් දල සහ වල්ග කෙදි වලට ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඉල්ලුමට අනුව සැපයුම දෙන්න ඇත්තු මැරෙනවා. ඔක්කොටම කලින් තලන්න ඕනෙ ඇත් දල, අලි කෙදි සල්ලි දීලා ගන්න උන්ට.

    හරක්, කුකුල්ලු මැරෙන්නෙත් ඉහත ක්‍රමේටම තමයි.

    • වැටත් නියරත් ගොයම් කයි නම් says:

      රටේ ඉහළ පුටුවල ඉඳන් නීතිය හදන නීතිය ක්‍රියාත්මක කරන උනුත් මේවාට උල්පන්දන් දෙනවා නම් සාමාන්‍ය ජනතාව මේවා ගැන කාට පැමිණිලි කරන්න ද ? තුට්ටු දෙකේ තුප්පහි මානසික රෝගින් තමයි මේවගේ පහත් වැඩ කරන්නේ. එහෙම කරන්නත් කාගේ හෝ ඉහලින් නියෝගයක් එන්න ඕන. රටේ නීතිය දැඩි කරත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් ඇති පලේ මොක්කද ? වනජීවී අමාත්‍යාංශයක් තියනවා අමෙතියෙක් ඉන්නවා, එකේ නිලධාරීන් ඉන්නවා, ඒකට අවුරුද්දකට සැරයක් බදු මුදල් වෙන්කරනවා, ඊටත් උඩින් රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඒත් වැඩක් නැහැ. මේකත් අර ගානා, ටැන්සානියා, සිම්බාබ්වේ වගේ වෙලා ඉවරයි. මහ එකා ගජමිතුරන් ට කැලෑ කපලා ඉඩම් අල්ලගන්න ඉඩදීලා අහක බලන් ඉන්න කොට කාට අවනඩු කියන්න ද ?

      • Boo says:

        ඔවු ඔවු අර මීට කලින් හිටි වන ජීවී ඇමති පොන්සේකාගෙ කාලෙ ඇතින්නියෝ 7 දෙනෙක් මරලා තිබුනෙත් ඔය “ඉහලින්” එන ඕඩර් එකටම තමයි.

        අහන්න අපෙං, අපි ඉතිං නොදන්න ලබ්බක් තියෙනවද නේ?

  3. සජිත් පුතා says:

    මේක සිදුවී ඇත්තේ ජනාධිපති අගමැති මුදල් ඇමති ක්‍රීඩා ඇමති ඇතුළු තවත් ඉතා බලවත් පුද්ගලයන්ගේ වත්ත ඇතුලේදීය. මෙතරම් ප්‍රබල ස්ථානයක වල් සතෙකුට වත් ආරක්ෂාවක් නොමැති නම් මිනිසුන්ගේ ආරක්ෂාව ගැන මොන කතාද?
    රටේ අහන අහන තැන අර විරුවයි මේ විරුවයි ඉන්නවාලු නමුත් මේ වගේ ජාතික අපරාධ වෙන්නේ උන්ට දැන් හයි හත්තිය නැති නිසාද?
    මේ සහගහන අපරාධය කරපු නීචයන් අල්ලලා ප්‍රසිද්ධියේ දඩුවම් දුන්නේ නැති නම් ලන්කාව තුල ආන්ඩුවක් තියෙනවා කීමත් බොරුවක්.

  4. සාරුවාද සුනිල් says:

    රටේ ඉහළ පුටුවල ඉඳන් නීතිය හදන නීතිය ක්‍රියාත්මක කරන උනුත් මේවාට උල්පන්දන් දෙනවා නම් සාමාන්‍ය ජනතාව මේවා ගැන කාට පැමිණිලි කරන්න ද ? තුට්ටු දෙකේ තුප්පහි මානසික රෝගින් තමයි මේවගේ පහත් වැඩ කරන්නේ. එහෙම කරන්නත් කාගේ හෝ ඉහලින් නියෝගයක් එන්න ඕන. රටේ නීතිය දැඩි කරත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් ඇති පලේ මොක්කද ? වනජීවී අමාත්‍යාංශයක් තියනවා අමෙතියෙක් ඉන්නවා, එකේ නිලධාරීන් ඉන්නවා, ඒකට අවුරුද්දකට සැරයක් බදු මුදල් වෙන්කරනවා, ඊටත් උඩින් රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඒත් වැඩක් නැහැ. මේකත් අර ගානා, ටැන්සානියා, සිම්බාබ්වේ වගේ වෙලා ඉවරයි. මහ එකා ගජමිතුරන් ට කැලෑ කපලා ඉඩම් අල්ලගන්න ඉඩදීලා අහක බලන් ඉන්න කොට කාට අවනඩු කියන්න ද ? අපි තමයි ස හොඳටම කරේ ස.

  5. Amda says:

    මේ තරම් ස්වභාවධර්මය නඩු අසන කාලයකදීවත් මුන්ගේ පව්කාරකම් නැතිවෙලා නෑනේ…තමුන්ගෙ මරණය පෙනි පෙනීත් පව් කරන කාලකන්නි.
    හොඳක් සිද්ද වෙන්න එපා මේව කරන උන්ටත්, උදව් කරන උන්ටත්, ඒවා වලක්වා ගන්න බැරි එවුන්ටත්

  6. Sun says:

    Innocent animals are much better than these two-leg criminals. They know where they are going to go after this life.

  7. චන්ඩි කොල්ලා says:

    වහාම ඩොක්ට පැකනිල් පුතානෝගේ නිවස පරීක්ෂා කරන්න. බඩු ෂුවර් මොකද ඕකට අලි ඇත්තු මරණවා කියන්නේ හරි සිම්පල් දෙයක්.මතකනේ ර ඇතින්නියෝ හත්දෙනා ජනාධිපතිවරණයට පෙර?

Main News