යුක්තිය පසිදලන ආයතනවලට ප‍්‍රබල භික්‍ෂුවකගේ බලපෑම්..

September 9, 2018 at 6:28 am | lanka C news
යුක්තිය පසිදලන ආයතනවලට ප‍්‍රබල භික්‍ෂුවකගේ බලපෑම්..

යුක්තිය පසිදලන ආයතන වලට බලපෑම් කරන භික්‍ෂුන් වහන්සේ නමක් නිසා එම ආයතන වල සමහර ප්‍රධානීන්ට බරපතල ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදු වී තිබෙන බවට මාද්‍ය වාර්තා පලවෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි වැඩ කොටසක නියැලී සිටින මෙම හිමි නම නුගේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති වෙති.

යුක්තිය පසිදලන ආයතන වල ප්‍රධානීන්ට ආණ්ඩුවේ ඉහළ තැන් මුණගස්වා උසස් වීම් ලබා දෙන බවට පොරොන්දු වී ඒ හිමි නමගේ දේශපාලන හිතවතුන්ගේ අවශ්‍යතා ඉටු කර දෙන බව පැවසේ.

මේ නිසා යුක්තිය බලාපොරොත්තුවෙන් එන අයට සාධාරණය ඉටු කර දීමට මෙම භික්ෂුවගේ මැදිහත් වීම බරපතල ප්‍රශ්නයක් බව එම ආයතන ප්‍රධානින් ඉහළ තැන් වලට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.

62 views
Main News