යුක්රේනයෙන් ආ සංචාරකයන් එකඟතා බිඳියි.. යාල ජීප් රථ රියදුරන් පිරිසක් නිරෝධායනයට..

January 3, 2021 at 11:20 am | lanka C news
යුක්රේනයෙන් ආ සංචාරකයන් එකඟතා බිඳියි.. යාල ජීප් රථ රියදුරන් පිරිසක් නිරෝධායනයට..

යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඔවුන් සංචාරය කරන ඇතැම් ස්ථානයන් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය දැනුවත් කර නැතැයිද ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර එම සංචාරකයා යාල වනෝද්‍යානයේ සංචාරය සඳහා රැගෙන ගිය ජීප් රථ 27ක රියදුරන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

නමුත් ජීප් රථ රියදුරන් සඳහන් කරන්නේ තමන් නිරෝදායනයට යොමු කරන්නේ යැයි බලධාරීන් කලින් දැනුවත් නොකළ නිසා එම සංචාරකයන් රැගෙන ගිය බවය.

64,782 views

25 Comments to “යුක්රේනයෙන් ආ සංචාරකයන් එකඟතා බිඳියි.. යාල ජීප් රථ රියදුරන් පිරිසක් නිරෝධායනයට..”

  1. රටට හිතැති says:

    යාල සංචාරක රියදුරෝ මහා මෝඩ රැලක්! මිලියන ගානක් පාරට වැටිලා හොටෙල් සියල්ලම වැහිලා නිසා යාන්තං කොහොම හරි ගිවිසුම් ගහගෙන සංචාරකයෝ ටිකක් ගෙනාව කියමුකෝ….. තමන්වත් බේරිලා තමන්ගෙ දරු පවුලුත් බේරාගෙන රස්සාව කරලා කීයක් හරි අතට ගන්න මේ මෝඩයෝ බුද්ධිමත් ඕන…. කොහෙද සුද්දෝ දැක්ක ගමන් ඉන්න හිටින තැනත් අමතක වෙන්න ඇති…ඉතින් මේ වගේ යක්කුත් එක්ක මොන රෙද්දේ නිරෝදායනයක්ද…..මෙහෙමනං පිස්සු කෙලියොත් ඉදිරියට සංචාරක ව්‍යාපාරය ගොඩදාගන්න ලේසි නෑ….

  2. පිස්සා says:

    https://youtu.be/qRdCL5iB-v0

    මාර අාතල්ආ ඔයි. අණ්ඩුවට කඩේ ගිය නාමල්ගේ බයියෙක්ට මෙහෙම අරිය නම් අනෙක් මිනිස්සුන්ට කොහොම අභිනව ඇතිද මේ රාජපක්ෂ පාලනය.

  3. On The Spot says:

    සංචාරක ඇමති නම් කිව්වෙ ඒ අයගෙන් අපේ අයටවත් අපේ අයගෙන් ඒ අයටවත් කොරෝනා හැදෙන්නෙ නැහැ කියලයි.එයත් ඩොක්ටර් ප්ලැකුනිල් වගේම තමයි.බරේ ප්‍රමාණයෙන් 0.0001%ක් වත් මොලේ තිබුන නම්?

  4. කුවෛට් පොඩි එකා says:

    අර උදයන්ග කියන එකාව නිරෝදායනය කරන්න ඕනෙ නැද්ද? වරෙන්තු පිට ඉදල එලියට ඇවිත් ඌ නේද ඔය කට්ටිය ගෙනාවෙ …. ඌත් ඔය සුද්දියෝ එක්ක ඉන්ටර්වීව් කලා නේද ? අපේ ස හිටියනම් ඔහොම වෙන්නෙ නෑ …. මේ වෙනකොට උදයන්ග නිරෝදායනය කරල….. කොහෙද සිරිසේන එක්ක බෑනේ

  5. SafaariSam says:

    Ali Hu..anna Api Thalenna ..Ehema Puluwanda ?