යුක්රේනය වසා දමා නෑ.. සමාජ ජාල කියන්නේ බොරු.. සංචාරකයන් දිගටම ගෙන්වනවා..
January 10, 2021 at 11:20 am | lanka C news
යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බවත් ඒ නිසා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන් බවයි. මෙරට කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරින් මෙතෙක් එවැනි තීරණයක් ගෙන ඇත්තේ එංගලන්තය සම්බන්ධයෙන් පමණක් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (09) පැවැති ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරු ව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“යුක්රේනය මේ වන විට පූර්ණ ලොක්ඩවුන් කිරීමක් කරලා නෑ. අලුත්ම රොයිටර් වාර්තාව අනුව යුක්රේනයේ වහලා තියෙන්නේ පාසල්, රෙස්ටොරන්ට්, ලොකු සෙනගක් සම්බන්ධ වන රැස්වීම් වගේ දේවල්. මිලියන 41 ක් වෙසෙන යුක්රේනයේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව මිලියනක් ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා කියන්නේ. අද ලෝකයේ මේ වගේ රටවල් බොහොමයක් තිබෙනවා. නමුත් ඒකේ තේරුම අපි යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමේ දී ප්‍රවේශම් නොවනවා කියන එක නෙමෙයි. අපි ලෝකයේ කොරෝනා තත්ත්වය ගැන දැඩි අවධානයකින් තමයි තීන්දු තීරණ ගන්නේ.
යුක්රේනයේ හෝ ලෝකයේ ඕනෑම රටකින් මෙරටට සංචාරකයන් ගෙන්වීම නතර කරන්න නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන්. දැනට ලංකාවට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් විතරයි. මේ නිසා මේ නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන්. 21 වෙනිදායින් පස්සේ අපි වාණිජ ගුවන් ගමන් සදහා ගුවන් තොටුපළ විවෘත කරනවා. අපි අලුත් ගයිඩ් ලයින් හදලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය විසින් සංචාරකයන් සදහා නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්වයි. අපේ රටේ සෞඛ්‍ය බළධාරීන් මේ සියල්ල ඉතාම දැඩි ලෙස අධ්‍යනය කරලයි සංචාරකයන් සදහා වන ගයිඩ් ලයින් හැදුවේ. ඒ ගයිඩ් ලයින් අනුව ඕනෑම කෙනෙකුට සංචාරකයන් ගෙන්වන්න පුළුවන්.
මේ රටට එන හැම සංචාරකයෙකු ම රටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. එය අපි ඉතා පැහැදිලිව අදාළ සංචාරක සංවිධානය කරන්නන් වෙත දැනුම් දී තිබෙනවා. සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල අපි දැඩි අධික්ෂණයකට ලක් කරනවා.”
මේ අතර ලබන 21 සිට නිළ වශයෙන් ගුවන් තොටුපළ හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවෝ දැනුවත් කෙරෙති. ඒ අනුව හෙට (11) සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු විවිධ ක්ෂේත්‍ර වලට අයත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංවිධාන කොළඹට කැදවා තිබේ.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම දැනුවත් කිරිමේ වැඩසටහන ක්‍රියාත්මකයි. මේ යටතේ සංචාරක හෝටල හිමියන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සංචාරක නියෝජිත ආයතන සංචාරක මාර්ගෝපදේශයන් හා රියදුරන්ගේ සංගම් නියෝජිතයන් දැනුවත් කෙරේ.
– ප්‍රදීප් අනුර කුමාර
https://www.reuters.com/article/uk-health-coronavirus-ukraine-lockdown/ukraine-shuts-schools-restaurants-at-start-of-tighter-lockdown-idUKKBN29D0R2
අනුරාධපුරයේ ඥාණා මෑණියන් ගේ උපදෙසක්ද ? ලැජ්ජයි මෙවැනි අවස්ථාවාදී දේශපාලුවන් ගැන
ක්රිමිනලයා වටෙන්ම ඉල්ලාගෙන කන විට සැඟව සිටි John the Baptice කරලියට පැමිණ ඇත. …..🤪😝😝😃😃😛🤩
අපි ඔය සමාජ ජාල මාධ්‍ය කියන කියන එක සමාජ ශාලා මාධ්‍ය කියල වෙනස් කරමුද ? මම හිතන්නෙ ඒ නම තමා ඕකට වැඩියෙන් ගැලපෙන්නෙ. මොකද ඔය දෙකේම ඉන්නෙ විකුණගෙන කන වේශ වේසාවියො. සමාජ ශාලා වල උන් කිසිම හිරිකිතයකින් නැතුව තමුන්ගෙ ඇඟ විකුණගෙන කනව සමාජ ජාලා වල උන් කිසිම හිරිකිතයකින් නැතුව තමුන්ගෙ ආත්මයම විකුණගෙන කනව. අනෙක ඕකුන් නොදන්න දෙයක් තියෙනවද. දන්න දේකුත් තියෙනවද. අඩුම ගාණෙ ඒ දෙකේ වෙන බවත් දැනගෙන තියෙනවද. කාගෙන් හරි ලැබෙන තුට්ටු දෙකකට තමන්ට හිතෙන ඕනෙම දෙයක් ලියනව කියනව. ඒ ලියන ඒව උන් දන්නෙත් නැහැ උන්ගෙ අම්මල දන්නෙත් නැහැ. හැබැයි අන්තිමට බැණුම් අහන්නෙ කිසිම දෙයක් නොදන්න උන්ගෙ අහිංසක අම්මල…..😃😃😃
Un Gonnu Unata Api Gonnu Novai
https://www.reuters.com/article/uk-health-coronavirus-ukraine-lockdown/ukraine-shuts-schools-restaurants-at-start-of-tighter-lockdown-idUKKBN29D0R2
Aniwa prasanna sir. Ukraine is the best country to get proper genuine tourists. and we know that our udayanga sir will give every single rupee earned from this business to the government to help our own poor people.
Jaya wewa sir, we love you !
ගඟට මුට්ටි දාන් උන් දන්නෙ නැහැ හලෝ ලෝක තත්වෙ.පව් අසරණය.
මහත්තයෝ සමාජ මාධ්‍ය ගැන නෙමේ ජාත්‍යන්තර මාධ්‍ය වල පළවූ පුවන් කියවා බලන්න. අනෙක් එක යුක්රේනය අය එන්නේ සල්ලි වියදම් කරන්න නෙමේ ගණිකාවන් ලෙස සේවය සපයලා අපේ රටේ සල්ලි පිටරටට ගෙනියන්න. ගෙනවා නම් සල්ලි වියදම් කරන රටකින් ගෙන්වන්න